2020 FISU අන්තර්ජාතික විශ්වවිද්‍යාල චෙස් තරඟාවලිය අද සිට

2020 FISU අන්තර්ජාතික විශ්වවිද්‍යාල චෙස් තරඟාවලිය අද සිට

චෙස් ක්‍රීඩාව, තීක්ෂණ බුද්ධියත් ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවත් මිනුම් කරන අතිශය තරඟකාරී මෙන්ම ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක්. කෙටි කාලයක් තුල ක්ෂණිකව මෙන්ම උපායශීලීව ක්‍රියාත්මක වෙමින් තමන්ගේ රාජධානිය ආරක්ෂා කර ගනිමින් ජයග්‍රහණය ලබා ගැනීමට චෙස් ක්‍රීඩකයින් යුහුසුළුව කටයුතු කරනවා. එනිසාම චෙස් ක්‍රීඩාවට සහභාගී වන ක්‍රීඩකයින් සතුව ඉතා තියුණු බුද්ධියක් පවතිනවා.


පවතින COVID 19 තත්වය හමුවේ බොහෝ ක්‍රීඩා සහ ඒවායේ නිරතවන ක්‍රීඩක ක්‍රීඩකයින්ට නොයෙක් බාධා එල්ල වුවත් චෙස් ක්‍රීඩාව අඩපණ කිරීමට COVID 19 තත්වය කිසිසේත්ම බාධාවක් වුණේ නැහැ. ඊට හේතුව online ක්‍රමය හරහා පහසුවෙන්, සාර්ථකව චෙස් ක්‍රීඩාවේ නිරතවීමේ හැකියාව පැවතීමයි.


ඒ සමගම “2020 FISU World University Championship Mind Sports” එනම් “2020 FISU අන්තර්ජාතික විශ්වවිද්‍යාල චෙස් තරඟාවලිය” මෙවර පෝලන්තයේදී Online ක්‍රමයෙන් පැවැත්වීමට මේවන විට සියළු කටයුතු සූදානම් වී ඇත. ලොව පුරා පවතින COVID19 වසංගත තත්වය හේතුවෙන් මෙම තරඟාවලිය සුපුරුදු පරිදි භෞතිකව පැවැතිවීමට හැකියාවක් නොමැති වුවත් ලොව පුරා විශ්වවිද්‍යාල වල විසිරුණු අතිදක්ෂ චෙස් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් මෙවර online ක්‍රමයට මෙම තරාඟාවලිය සාර්ථකව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම අන්තර්ජාතික තරඟ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක අතිදක්ෂ ක්‍රීඩකයින් 24ක් සහභාගී වන අතර ඔවුන් එකිනෙකට නොදෙවෙනි වූ සුපිරි කණ්ඩායම් 5 ක් යටතේ තරඟවැදීමට නියමිතයි. තරඟාවලිය අද(26) ආරම්භ වන අතර අදියර කිහිපයක් යටතේ දින 5ක් පුරාවට පැවැත්වෙනු ඇත.


අසමසම දක්ෂතා හරහා තම චෙස් රාජධානිය රැකගනිමින් උපායශීලි චලනයන් හරහා මනස මෙහෙයවමින් ප්‍රතිවාදී රාජධානි කඳවුරු බිඳ දමමින් මෙම ජාත්‍යන්තර ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට තරඟාවලියට සහභාගී වන සියලු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශක්තිය ධෛර්යය ප්‍රා‍ර්ථනා කරමු. මෙම අතිශය තරඟකාරී අන්තර්ජාතික online තරඟ ඉසව්ව සජීවීව නරඹමින් ලෝකය පුරා විසිරුණු හැකියාවන්ගෙන් පිරිපුන් උපායශීලී මෙන්ම අතිදක්ෂ විශ්වවිද්‍යාල චෙස් ක්‍රීඩකයින් සමග අභියෝගයෙන් ගැටෙන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ දස්කම් දැකගැනීමට පහත link වෙත පිවිසීම මගින් චෙස් ‍ක්‍රීඩාලෝලී ඔබ සැමට අවස්තාව හිමිවී ඇත.


http://www.fisu.tv

https://www.youtube.com/fisutv

https://www.twitch.tv/fisutv

https://vk.com/fisu


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments