කොග්ගල හා කොටවිල උණුසුම් කළ Baseball තරග නිමාව!

කොග්ගල හා කොටවිල උණුසුම් කළ Baseball තරග නිමාව!

දින සතරක් පුරාවට මාතර පුරවරයේ කොටවිල කෙලිබිම හා කොග්ගල BOI කෙලිබිම ඔල්වරසන් හඩින් කුල්මත් කල Baseball තරග ඉසව්ව අද දින නිමාවට පත් වුයේ,සමස්ථ ශුරතාවය ජපුර ක්‍රීඩකයින් විසින් දිනා ගැනිමෙන් අනතුරුවයි.විශ්ව විද්‍යාල 12 ක් මේ සදහා කාණ්ඩ 4ක්(A,B,C,D) යටතේ තරග වැදිමට නියමිත වුවද, යාපනය කණ්ඩායමේ නොපැමිණිම මත, A කාණ්ඩයේ ජපුර හා වයඹ කණ්ඩායම් නිතරගයෙන් අර්ධ අවසන් පුර්ව වටයට තේරී පත් විම කාගෙත් අවදානයට ලක්විය.

A කාණ්ඩයේ මුලික වටයේ තරග අතරතුර ජපුර හා වයඹ ක්‍රීඩකයන් උරෙනුර ගැටි 10-0 ලෙස තරගය නිමා වුයේ, වැඩි වාසි ජපුර පිළ හිමි කර ගනිමිනි.Baseball ජාතික කණ්ඩායමෙහි ක්‍රිඩා කොට මනා පලපුරුදු සහිත විමුක්ති සෙනෙවිරත්න ක්‍රිඩකයාගේ සහාභිත්වයෙන් සව්මත් වු ජපුර කණ්ඩායම අර්ධ අවසන් පුර්ව වටයේද කැළණි කණ්ඩායම සමග ගැටි 10-0 ලෙස සුපිරි දක්ශතා පෙන්වන ලදි.තවද B කාණ්ඩයේ පෙරමුණ ගැනිමට මොරටුව කණ්ඩායම සමත් වුයේ, කොළඹ හා ඌව වෙල්ලස්ස ක්‍රීඩකයින් පිලිවෙලින් 16-03 හා 11-00 ලෙස පරාජයට පත් කිරිමෙන් අනතුරුවයි.නමුත් ලබා ගත් පන්නරය මුවහත් කරගැනිමට අර්ධ අවසන් පුර්ව වටයෙදි සබරගමුව ක්‍රීඩකයින් විසින් බධා පමුනුවන ලද්දේ 9-11 ලෙස තරගයේ ජය මොරටු ක්‍රීඩකයින් ගෙන් උදුරා ගනිමිනි.

මුලික වටයේ තරග වලින් කොටවිල හා කොග්ගල කෙලිබිම් උණුසුම් වෙත්ම Baseball ජාතික කණ්ඩායමේ අත්දැකිම් සහිත පසිදු පෙරේරා ක්‍රීඩකයාගෙන් සවිමත් වු පේරාදෙණිය කණ්ඩායම කාණ්ඩයේ පෙරමුනේ වැජඹේන ලද්දේ, කැළණිය හා අග්නිදිග කණ්ඩායම් පිලිවෙලින් 7-11 හා 4-7 ලෙස පරාජයට පත් කරමිනි. එම සවිමත් බව රැක ගැනිමට අර්ධ අවසන් පුර්ව වටයේ පවා ඔවුන් සමත් වුයේ,ප්‍රබල වයඹ ක්‍රිඩකයින් 13-6 ලෙස පරාජයට පත් කරමිනි.පිරිමි D කාණ්ඩයේ මුලික වටයේ තරග තුළ රුහුණු, සබරගමුව හා රජරට කණ්ඩායම් උරෙනුර ගැටුනි. එහිදි රජරට පිළ එහි වැඩි වාසි අත් කර ගත්තේ,සබරගමුව -රජරට, රුහුණු-රජරට හා රුහුණු-සබරගමුව අතර පැවති තරග පිළිවෙළින් 9-8,4-18 හා 8-5 ලෙස අවසන් විමෙන් අනතුරුවයි.නමුත් එහි ගෞරවය අර්ධ අවසන් පුර්ව වටයෙදි අවසන් වුයේ, කොළඹ කණ්ඩායම සමග පැවති තරගය 8-9 ලෙස පරාජයට පත් විමෙන් අනතුරුවයි.නමුත් අවසානය දක්වා ඔවුන්ගේ උත්සහාය අගය කල යුතුය.

අවසන් පුර්ව වටය අවසන, අවසන් වටයට සබරගමුව හා ජපුර කණ්ඩායම් තේරි පත් වුයේ, පිළිවෙළින් ප්‍රබල පේරාදෙණිය කණ්ඩායම 12-15 ලෙස හා කොළඹ කණ්ඩායම 01-08 ලෙස පරාජයට පත් කිරිමෙන් අනතුරුවයි.එහිදි පේරාදෙණිය හා සබරගමුව තරගයේ උණුසුම සමනය කිරිමට වෙරළ පිස ආ මද පවනට පවා නොහැකි විය.අවසන් වටයේදි, ජපුර හා සබරගමුව කණ්ඩායමි උරෙනුර ගැටුනේ මාතර කොටවිල කෙලිබිමේ දිය,එහිදි ප්‍රවේගකාරි තරගයක් අවසානය දක්වා පවත්වා ගැනිමට දෙපිළම සමත් විම කැපී පෙනින,කුමකින් කුමක් සිදු වනු දැයි ප්‍රේක්ශකයින් සලිත වි ගිය මොහොතේ 14-13ක් ලෙස ජපුර කණ්ඩායම ශුරතාවය තමන් සතුකර ගැනිමට සමත් විය.දින සතරක් පුරාවට කොටවිල සහ කොග්ගල උණුසුම් කළ Baseball තරග ඉසව්ව එසේ නිමා වුයේ,ශුරතාවය ජපුර කණ්ඩායමත්, අනුශුරතාවය සබරගමුව කණ්ඩායමත්, තෙවන ස්ථානය පේරාදෙණිය කණ්ඩායමටත් ලබා දෙමිනි. 

ශුරතා අනුශුරතා ලබා ගත් කණ්ඩායම් සියල්ලට Morasprit අපේ උණුසුම් සුභ පැතුම්.

Comments