රග්බි ක්‍රීඩාවේ යදම් බිද දැමූ චන්ද්‍රිෂන් පෙරේරා මහතා

රග්බි ක්‍රීඩාවේ යදම් බිද දැමූ චන්ද්‍රිෂන් පෙරේරා මහතා

ක්‍රීඩාවෙන් ලංකා නාමය ලොව ඉදිරියට ගෙන ගොස් බැබලවූ අසහාය පුද්ගලයෙකු වූ චන්ද්‍රිෂන් මහතා 2019 ජනාධිපති සම්මාන උළලේදි ක්‍රීඩා භූෂණ සම්මානයෙන් පිදුම් ලබන ලදි.ක්‍රීඩා භූෂණ සම්මානයක් ලැබීමට ක්‍රීඩාව වෙනුවෙන් තම දිවිය කැප කරමින් එහි සාර්ථක අස්වනු නෙලා ගනිමින් එහි පෙරලිකාරී උන්නතියක් ඇතිකිරීමට සමත් විය යුතුය.මෙවැනි සම්මානයකින් පිදුම් ලැබීම දුර්ලබ වන්නේ එබැවිනි.

චන්ද්‍රිෂන් මහතා ක්‍රීඩකයා යන චරිතය හඹා ගොස් මනා ක්‍රීඩා පරිපාලනය,ජ්‍යේෂ්ඨ පුහුණුකාරීත්වය සමග දක්ෂ විචාරක හැකියාව යන තෙවැදෑරුම් චරිත සමග දශක 4 ක් ශ්‍රීලංකාවේ ක්‍රීඩාව ඉතාමත් ඉහල තලයකට ඔසවා තබන්නට සමත් විය.

එතුමා ක්‍රීඩාවක් ලෙස මුලින්ම තෝරාගනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි, ඒ CCC කණ්ඩායම නියෝජනය කරමින්. පසුව CH and FC රග්බි කණ්ඩායම සමග එක්වී තම ක්‍රීඩා කෞෂල්‍යය විදහා පාන්නට සමත් විය.

1984 දී ශ්‍රීලංකා රග්බි කණ්ඩායම හිෂාම් ආබ්දීන්ගේ නායකත්වය යටතේ හොංකොං සත් සාමාජික තරගයේ බදුන ශූරතාව ලබා ගත් අතර චන්ද්‍රිෂන් මහතා එහිදී ක්‍රීඩකයෙකු වශයෙන් ලබා දිය හැකි උපරිම ජවය කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන ලදි. එදා මෙදා තුර රග්බි ඉතිහාසය රන් අකුරින් ලියවුණු දිනයක් ලෙස එදින හැදින්විය හැක. ඩුබායි සත්සාමාජික තරගාවලියේ අතිප්‍රබල ස්කොට්ලන් කණ්ඩායම පැරදවූ ශ්‍රීලංකා කණ්ඩායමට අවසන් පූර්ව තරග සදහා යාමට වරම් නොලැබුණත් තරගාවලියේ වීරයා ලෙස චන්ද්‍රිෂන් මහාතාගේ නම ලියවුණේ ඔහුගේ ක්‍රීඩා කෞෂල්‍යය කොපමණක්දැයි ලොව හමුවේ විදහා පාමිණි.

1996 ක්‍රිකට් ලෝක කුසලානයෙදී,ශක්ති හා ශාරිරික යෝග්‍යතා පුහුණුකරුවෙකු නොසිටි මොහොතේ චන්ද්‍රිෂන් මහතා තම නොමසුරු දායකත්වය ලබාදුන් අතර ඔහු 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ නිහඩ හිමිකරුවෙක්ය.

එතුමා මේවන විට රෝගාතුරව සිටින අතර ඉක්මන් සුවය ලබා නැවතත් ලොව හමුවේ ලක්දෙරණ ක්‍රීඩාවෙන් ඔසවා තබන්නට හැකියාව,ශක්තිය ලැබේවායි කියා Moraspirit අපි ප්‍රාර්ථනා කරන්නෙමු.


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments