කොළඹ විශ්වවිද්‍යාලය වසර 10කට පසු රග්බි මිණි කිරුළ දිනාගනී

කොළඹ විශ්වවිද්‍යාලය වසර 10කට පසු රග්බි මිණි කිරුළ දිනාගනී

අද දින වෙනදා මෙන් නොව නොසන්සුන් සෙනසුරාදාවක් වූයේ SLUG තරග බිමේ අතිබිහිසුණු රග්බි තරග මාලාවක අවසන් හා තුන්වන ස්ථාන සදහා තරග පැවැත්වූ දවසක් නිසාවෙනි.

අවසන් මහා තරගයේදී කොළඹ විශ්වවිද්‍යාලය හමුවේ වෙනදා නොලැබූ පරාජයක් ලැබීමට කැළණිය විශ්වවිද්‍යාලයට සිදුවු අතර තියුණු සටනකින් අනතුරුව මොරටුව විශ්වවිද්‍යාලය හමුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායම පරාජයට පත්විය.

-අවසන් මහා තරගය- 

දශකයකට පසු රග්බි මිනිකිරුලක පහස විදගැනීමේ අටියෙන් තරග බිමට පිවිසි කොළඹ කණ්ඩායමත්,ගිය වර රග්බි ශූරයන් වන මොරටු කණ්ඩායම අවසන් පූර්ව වටයේදි පරාජය කළ පෙරෙලිකාර කැළණි කණ්ඩායමත් අතරය.

පෙරෙලිකාර කණ්ඩායම්වල සුපුරුදු දක්ෂතා අවශ්‍යම අවස්ථාවක් වූ මෙය, තරග බිමේදි එය සිදුවන අයුරු බැලීමට බලාපොරොත්තු දල්වාලමින් කැළණි විශ්වවිද්‍යාලයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සේම කොළඹ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ද SLUG තරග බිමට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

තරගයේ පලමු උත්සාහක දිනුම සාර්ථක ප්‍රවර්ථනයක් සහිතව වාර්ථා කිරීමට කොළඹ ක්‍රීඩකයන් සමත් විණි.නැවත ක්‍රියාත්මක වූ ඔවුන් පිට පිටම ප්‍රවර්ථන රහිත සාර්ථක උත්සාහක දිනුම් 3ක් ලබා ගත් අතර ආක්‍රමණ ශීලී ක්‍රීඩා විලාසයක නිරතවූ කැළණි කණ්ඩායමට ලකුණු පුවරුවට එක් කිරීමට හැකිවුණේ 0 පමණි.පලමුවිවේකයට ප්‍රථම 22-0 ලෙස කොළඹ ක්‍රීඩකයන් ලකුණු පුවරුවේ බලය අත්පත් කරගන්නා ලදි.

දෙවන භාගය ආරම්භයේ සිටම ආක්‍රමණශීලීබව මුවහත් කරගනිමින් කොළඹ කණ්ඩායම පිට පිට ප්‍රවර්ථන රහිත උත්සාහක දිනුම් දෙකක් වාර්ථාකල අතර, කොළඹ ක්‍රීඩකයන් තරගය අවසන් භාගයේදි තවත් සාර්ථක ප්‍රවර්ථනයක් සහිත උත්සාහක දිනුමක් වාර්ථා කලේ කැළණි විශ්විද්‍යාල ශිෂ්‍යයන්ට තරගයේ සිදුවුණේ කුමක්දැයි අදහා ගත නොහැක්කක් බවට පත්කරමිනි.

තරග අවසානයේ ලකුණු පුවරුවට එකුදු ලකුණක් එක් කිරීමට අසමර්ථ වූ කැළණි ක්‍රීඩකයන් මෙවර SLUG තරගබිමේ අනුශූරයන් ලෙස කිරුලු පලදින ලදි.

-තුන්වන ස්ථානය සදහා තරගය-

ලකුණුවලින් ජයග්‍රාහකයන් තීරණය කරන්නට සිදුවුණි. තරගය පටන් ගත් මොහොතේ සිටම උත්සාහක දිනුමක් ලබා ගැනීම දෙපිලේම පරමාර්ථය වුණත් එය සාර්ථක කරගැනීමට පේරාදෙණිය කණ්ඩායම සමත් විය. එය සාර්ථක පරිවර්තනයක් කරගැනීමට ඔවුන් අසමර්ථ වීය. යුහුසුලුව ක්‍රියාත්මක වූ මොරටු ක්‍රීඩකයන් සාර්ථක ප්‍රවර්තනයක් සහිත උත්සාහක දිනුමක් වාර්ථා කිරීමත් සමග තරගය උඩු යටිකුරු කිරීමට මොරටු ක්‍රීඩකයන් සමත් වුණි.

දෙවන භාගයේදි යලි ක්‍රියාත්මක වූ මොරටු ක්‍රීඩකයන් ලකුණක් රැස් කරගැනීමට යාමේදි එය වළක්වමින් පේරාදෙණිය ක්‍රීඩකයන් එම ලකුණ ව්‍යර්ථ කිරීමට සමත් වුණි.අයහපත් කාළගුණය නිසා තාක්ෂණික හා තරග දෝෂ බොහොමයක් සිදුවූ මෙම තරගය 07-05 ලෙස සුහදව නිමා වු අතර SLUG තරග මාලාවේ තුන්වන ස්ථානය ජයග්‍රහණය කිරීමට මොරටුව විශ්වවිද්‍යාලය සමත් විය.

39-00 ලෙස වසර 10කට පසු අතිවිශිෂ්ඨ ජයක් ලබා ගත් කොළඹ විශ්වවිද්‍යාලය මෙවර SLUG තරග බිමේ රග්බි කිරුළ තමන් සතු කරගනු ලැබූ අතර MoraSpirit කණ්ඩායමත් ඔබට උණුසුම් සුභ පැතුම් එක්කරනු ලබනවා.

Comments