දයාබර අවසාන වසරේ ඉගෙනුම ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවනි, ස්තුතියි!

දයාබර අවසාන වසරේ ඉගෙනුම ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවනි, ස්තුතියි!

ජීවිතයේ සමහර අවස්ථාවලදීවලදී අපට සිදු කිරීමට දුෂ්කරම දෙය වන්නේ සමු දීමයි. විශේෂයෙන්ම අප සූදානම් නොවුණු මොහොතකදී සමුදීමට සිදුවීමයි. මෙය විශ්වවිද්‍යාලය ක්‍රීඩා තරු පිළිබඳ තවත් එක් විශේෂාංගයක් පමණක්ම නොවේ. මෙය 2020 අන්තර් විශ්ව විද්යාලයීය ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහණ ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අවසාන වසරේ ඉගෙනුම ලබන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාරයක් පිණිස ඉදිරිපත් කරමු.

Covid-19 වසංගතය අපගේ ජීවන රටාව මේ වන විට සහමුලින්ම වෙනස් කර ඇත. එහි හානිය සෞඛ්‍යය අංශය ට පමණක් නොව අපගේ එදිනෙදා ජීවිතයේ විවිධ පැතිකඩ සඳහා බලපා ඇත. එය ක්‍රීඩාව සඳහා ඉතා දරුණුවටම බලපෑම් කර ඇත. 2020 ක්‍රීඩා කැලැන්ඩරයේ විශාලතම අංගය වන Olympics ක්‍රීඩා තරගාවලිය මෙම වසංගතයෙන් හේතුවෙන් කල් දැමුණු අතර දේශීය සහ අන්තර්ජාතික තරගාවලි රැසක් ද නවතා දැමුණි. විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරග අතුරින් වඩාත්ම කැපී පෙනෙන තරගාවලිය වන Inter-University Games (IUG) තරගාවලිය ද මෙම ගෝලීය වසංගත හේතුවෙන් කල්දැමුණි. මේ කුමන කරදර බාධක පැමිණියද Moraspirit අප අපගේ යුතුකම් මෙවරද නොඅඩුව සිදු කරමු. මේ වේදිකාව වෙන්වන්නේ අවසාන වසරේ විශ්ව විද්‍යාලීය ‍ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන් මෙතෙක් කළ සේවාව සඳහා සුබ පැතීමට මෙන්ම ඔවුන්ගේ අදහස් ඔබ හමුවේ තැබීමටයි.

මෙහිදී මොරටුව විශ්ව විද්‍යාලය අවසන් වසරේ ඉගෙනුම ලබන Shaveen De Almeida අප සමග මෙලෙස අදහස් බෙදා ගත්තේය. "විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයෙකුට තම ජීවිතයේ ක්‍රීඩා කිරීමට ලැබෙන වැදගත්ම තරගාවලියක් වන අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගි වීමේ අවස්ථාව අප අතින් ගිලිහී ගියා. එසේම basketball ක්‍රීඩාව ගතහොත් වසරකට ඉතා විශාල තරගාවලි ප්‍රමාණයක් පවත්වයි. එසේම Colombo Super League තරගාවලිය ද මේ වසරේ පැවත්වීමට කටයුතු යොදා තිබිණ. මෙම සියලු අවස්ථා නොලැබීයාම කණගාටුවට කරුණකි. එසේම අපගේ ක්‍රීඩකයන් ද ක්‍රීඩා කණ්ඩායම් ද හොඳින් පුහුණු කර විශිෂ්ට තත්වයට පත් කර තිබුණි ඔවුන්ට ක්‍රීඩා කටයුතු සහ පුහුණුවීම් කටයුතුවල යෙදීම මගහැරී යාම ඉතා විශාල පසුබෑමකි. වසරක කාලයක් පුහුණුවීම්වල නොයෙදීම ක්‍රීඩකයන්ගේ ශක්‍යතාවය යම් මට්ටමකට පහල හෙලීමට හේතු වෙයි. තවද ක්‍රීඩා කවුන්සිලය වශයෙන් ද අප විසින් ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරන ලදී. එසේම වැඩි වැඩ පිළිවෙලවල් විශාල සංඛ්‍යාවක් සිදු කිරීමට කටයුතු යොදා තිබුණි. වර්ණ ප්‍රදානෝත්සවය, නායකත්වය පුහුණු වැඩමුළුව ආදී වැඩසටහන් කිහිපයක්ම මෙම අවස්ථාව නිසා ක්‍රීඩකයන්ට අහිමිවී ගියේය. මෙම අවස්ථා සියල්ල අවසාන වසරේ ශිෂ්‍යයන්ගෙන් ගිලිහී යාම ඇත්තටම කනගාටුවට කරුණකි." තවදුරටත් මෙලෙස අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම ගෝලීය වසංගතයේ බලපෑම අප සියල්ලටම වන නිසා ඉවසීමෙන් කටයුතු කර අවදානම් පහව ගිය පසු හැකි විගස අපගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කර ගිලිහී ගිය ජයග්‍රහණ වෙත කණිෂ්ඨ ක්‍රීඩකයන් යොමු කිරීමට සූදානම් බවයි.

කැළණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා කවුන්සිලයේ සභාපති, එමෙන්ම අවසාන වසරේ ශිෂ්‍යයකු වන Malitha අද අප හමුවේ අදහස් දැක්වීය. "විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඇති ප්රධානතම ක්‍රීඩා තරගාවලිය වන අන්තර් විශ්ව විද්‍යාලීය ක්‍රීඩා උළෙල මෙවර නොමැතිවීම බරපතල පාඩුවකි. විශේෂයෙන්ම අවසන් වසර ශිෂ්‍යයන්ට එය දැඩිව දැනෙනු ඇත. එසේම ලෝක විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා දිනයේ ජාතික උත්සවයට සත්කාරකත්වය දීමටද කැලණිය විශ්වවිද්‍යාලය මූලික විය. නමුදු පවතින තත්වය හමුවේ එය ද අපට මග හැරී ගියේය. තවද අප විසින් සත්කාරකත්වය දරනු ලබන ක්‍රීඩා තරගාවලි කිහිපයක්ම අපට අත්හැර දැමීමට සිදුවිය Grip to Grip කැරම් ශූරතාවලිය, Flying shoe මලල ක්‍රීඩා තරගාවලිය, scrabble තරගාවලිය ඒ අතරින් ප්‍රධානය." දේශීය මෙන්ම විදේශීය තරගාවලි ද අවලංගු කර ඇති මෙවන් සමයක චීනයේ දී පැවැත්වීමට නියමිත වූ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලීය බේස්බෝල් ශූරතාවලිය මගහැරීම දක්ෂ බේස්බෝල් ක්‍රීඩකයෙකු වන ඔහුට මෙන්ම අනෙකුත් සියලුම බේස්බෝල් ක්‍රීඩකයන්ටද අත් විදීමට අවස්ථා මග හැරීමකි. තවද නැගී එන ක්‍රීඩා තරු වෙත ඔහු මෙලෙස අදහස් දැක්වූයේය. "මග හැරී ගිය දේවල් පිළිබඳව කම්පා නොවන්න. නව ජයග්රහණ සඳහා වෙහෙසෙයා. ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනික කට කටයුතුවලින්ද ඔබගේ වලින් ද ඔබගේ සාර්ථකත්වය සදහා යොමුවන්න." කණිෂ්ඨ ක්‍රීඩකයන්ගේ උන්නතිය උදෙසා කළ හැකි සෑම දෙයක්ම කිරීම ජ්‍යෙෂ්ඨයෙකු වශයෙන් ඔහුගේ අදහස් විය .

මෙහිදී රජරට විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන Naveendra ශිෂ්‍යයා අප හමුවේ අදහස් දැක්වීය. ඔහු රජරට විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිය. " අවසාන වසරේ ශිෂ්‍යයන් වශයෙන් විශ්වවිද්‍යාලය බැබළවීමට අපට ඇති අවසාන අවස්ථාව Covid-19 වසංගතය නිසා මඟ හැරී යාම ඇත්තටම කනගාටුදායක තත්ත්වයකි . මෙම තත්ත්වය තුළ නිවැරැදි ලෙස හා ක්‍රමවත්ව පුහුණු සැසි පැවැත්වීමට සහ තරග කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට නොහැකි විය. එසේම ජාතික හා අන්තර්ජාතික වශයෙන් තරගාවලි රාශියක් අප ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මගහැරී ගියේය ගියේය." මෙම වසංගතය ඔවුන්ගේ කුසලතාවයට, නිපුණත්වයට සහ ශරීර යෝග්‍යතාවය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කළ ද විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමෙන් අනතුරුව එම ගමන වැඩි ජවයකින් හා අධිෂ්ඨානයකින් ආරම්භ කිරීමට සූදානම් බව ඔහු අධිෂ්ඨාන පූර්වකව අප සමග පැවසීය. කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඔහු දැක්වූ අදහස අප මෙලෙස ඔබ හමුවේ තබමු. ඒ "විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් ලෙස දැනුම ආකල්ප පමණක් නොව කුසලතා වලින් ද යුතුව ප්‍රගුණ කළ ක්‍රීඩා කෞශල්‍යයෙන් ලක් මාතාවගේ සහ රජරට මාතාවගෙ ආශිර්වාදය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස ලක් දෙරණ පුරා බැබලීමට නොනවතින ධෛර්යයකින් වෙහෙසකර ගමනක නිරත වීමට අදිටන් කර ගන්න. එකම අරමුණක් උදෙසා සෑම දිනකම කටයුතු කරන්න" යනුවෙනි.

තවත් අවසාන වසරේ ශිෂ්‍යයකු මෙන්ම වයඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධුරය හොබවන Nuwantha අප හමුවේ මෙලෙස තම අදහස් එළිදැක්වීය. "2020 වර්ෂය යනු අපට විශ්ව විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තිබූ අවසාන අවස්ථාවයි. මෙම ගෝලීය වසංගතය හේතුවෙන් අපට ඒ අවස්ථාව අහිමි විය. අප මහගු බලාපොරොත්තු තබාගෙන සිටියේ මේ අවුරුද්ද තුළ විශ්ව විද්‍යාලය වෙනුවෙන් cricket ශූරතාවය ජයග්‍රහණය ලබා දීමටයි. එලෙසම ජාතික මහා තරග, අන්තර් සමාජ රග්බි තරඟාවලිය සඳහා සහභාගි වීමට තිබූ අවස්ථාව ද අහිමි විය. අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ගිලිහී යාම අප සියලු දෙනාටම එකසේ බලපා තිබේ . සියලුම ක්‍රීඩකයින්ට තමන්ගේ දක්ෂතා එළිදැක්වීමට ඇති අවස්ථාව මෙමගින් ගිලිහී ගොස් තිබේ මේ එළඹී තිබෙන අවස්ථාව හමුවේ අපට යම් යම් දේවල් කැප කිරීම්ට සිදු වන්නෙය. නමුත් එමගින් ඔබේ සිහින යටපත් වීමට ඉඩ නොතබන්න. ඕනෑම අවස්ථාවක් අපි අපේ කණිෂ්ඨ ක්‍රීඩකයන් සමග සිටිනවා."

තවද ඌව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන Udara ද අප සමඟ අදහස් දැක්වීමට ඉදිරිපත් විය. ඔහු ඌව විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා කවුන්සිලයේ සභාපති වරයාය. "අපට තිබුණු ලොකුම ඉලක්කය තමයි inter university games. ඒ වගේම අප විසින් inter faculty meet එකක් පවත්වන්නට යෙදී තිබිණ. ඒ සියල්ලම මගහැරිණි. එසේම ක්‍රීඩා නායකයින් වශයෙන් අපට ලොකු සැලසුම්ක් වගේම ඉලක්ක තිබුණ . විශ්වවිද්‍යාලයට ජයග්‍රහණ ගෙන ඒමට අප බොහෝ ලෙස සැලසුම් කළේය. ක්‍රීඩකයන්ගේ අඩුපාඩු නැවත සකස් කරගෙන ජයග්‍රහණ සඳහා ක්‍රීඩකයින් මෙහෙය වීමට සූදානම් වෙමිනුයි සිටියේ. එයට අවස්ථාවක් නොලැබුණි. අපගේ ලොකුම බලාපොරොත්තුවව තමයි inter university games ජයග්‍රහණයක් ගෙන ඒම. එය ඉටු කරගැනීමට නොහැකි විය. මෙහි වැඩිම බලපෑම සිදුවුණේ අවසාන වසර ශිෂ්‍යයන්ටයි. ඔවුන්ට විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා දිවිය තුළ ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ඇතැම් ජයග්‍රහණ ලබාගැනීමට තිබුණු අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී ගියා. එසේම නවක ක්රීඩකයන්ට ද ජයග්‍රහණ ලබාගෙන ක්‍රීඩාව සඳහා යොමු වීමට තිබූ අවස්ථාව වසංගතය හේතුවෙන් නැතිවිය."

මෙලෙසම ජපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස කටයුතු කරන එමෙන්ම අවසාන වසරේ ඉගෙනුම ලබන Dushantha තම අදහස් මෙලෙස අප ඉදිරියේ දිග හැරීය. " නායකයින් වශයෙන් අප ඉතා විශාල කාර්යභාරයක් ඉටු කිරීම සඳහා සූදානම් වී සිටිය වසරක් මෙය. එසේම ‍ cricket ක්‍රීඩාව අතින් සැලකුවහොත් පසුගිය වසරේ ශූරතාවය අප විසින් දිනාගත් අතර මෙම වසරේද එය ජයග්‍රහණය කිරීම සඳහා සූදානම් වී සිටියේය. එසේම තවත් තරගාවලි රාශියක ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සියලුම ක්‍රීඩකයන් එකසේ වෙහෙස මහන්සි වී කැපවී කටයුතු කළේය. නමුත් මෙම සියලු කැපවීම්වලට වටිනාකමක් ලබා ගැනීමට තිබූ අවස්ථාව දෑස මානයේ බොඳවී ගියේය. සියලුම ක්‍රීඩකයින්ට අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරඟාවලිය මගහැරී යාම කණගාටුවට කරුණක්. එසේම වසරක පමණ කාලයක් පුහුනුවීම් රහිතව කල් ගත කිරීමට සිදුවීම යනු ක්‍රීඩකයන්ට සිදු වූ බලවත් හානියකි." එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු විසින් කනිෂ්ඨ ක්‍රීඩකයන් හට පවසා සිටියේ අවස්ථාවක් ලද විගස පුහුණුවීම් ආරම්භ කර ම ජයග්‍රහණ සඳහා කැප වන ලෙසයි. එසේම කෙතරම් බාධක පැමිණිය ද තම ඉලක්ක කරා නොපසුබට උත්සාහයෙන් හා වීර්යයෙන් යුතුව ඉදිරියටම ගමන් කරන ලෙස සමස්ත ක්‍රීඩක ප්‍රජාවටම ඔහු පවසා සිටී.

2020 වර්ෂය යනු බොහෝ කරදර බාධක පැමිණි වසරකි. එය ක්‍රීඩකයන්ට පමණක් නොව සමස්ත ලෝකවාසීන්ටම මහත් සේ බලපෑම් කළ කාලයකි. බලපෑම් තවම අවසන් වී නොමැත. මෙම කාල සීමාව තුළ අප බලාපොරොත්තු වූ ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයකට ජීවිතය හැඩගස්වා ගැනීමට අපට සිදුවිය. Covid-19 වසංගතය හමුවේ ක්‍රීඩා තරග, විශේෂයෙන්ම inter-university sports championship තරගාවලිය පැවැත්වීමට නොහැකි විය. එනමුත් Moraspirit අප විසින් පසුගිය වසර කිහිපය පුරාවටම තම කාලය ශ්‍රමය කැපකර තම විශ්ව විද්‍යාලයේ කීර්තිය මෙන්ම ක්‍රීඩාවේ උන්නතිය සඳහා වෙහෙසුනු සියලුම අවසාන වසරේ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගෞරව පූර්වකව ස්තුතිය පුදකර සිටීමට මෙය අවස්ථාවක් කර ගනිමු .


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments