දෙස් විදෙස් කණ්ඩායම් 18 ක් උරෙනුර ගැටුනු International Mora Sixes තරගාවලිය - 2020

දෙස් විදෙස් කණ්ඩායම් 18 ක් උරෙනුර ගැටුනු International Mora Sixes තරගාවලිය - 2020

මොරටු විශ්ව විදයාලීය ක්‍රිකට් කණ්ඩායමේ පුර්ණ සංවිධානය යටතේ කණ්ඩායම් 18ක් උරෙනුර ගැටුණු Mora Sixes ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමාවට පත් වුයේ ,සමස්ථ ශුරතාවය SAEGIS විශ්වවිද්‍යාල කණ්ඩායම විසින් හිමි කර ගනිමිනි.

වාර්ෂික ව සංවිධානය වන Mora Sixes තරගාවලිය ,මෙවර අන්තර්ජාතික මට්ටමේ තරගාවලියක් ලෙස පෙබරවාරි 28,29 යන දෙදින පුරා මොරටුව විශ්වවිද්‍යාලයිය ක්‍රිඩා පිටියේදි ,MORA- A,VPA ,SLTC,SABARA, EASTERN- A,OPEN,WAYAMBA,NSBM,CINEC,MORA-B, COLOMBO -B,EASTERN -B,PES ,COlOMBO -A,TTI,MORA -C,SAEGIS ,SOUTH EASTERN යන විශ්වවිද්‍යාල කණ්ඩායම් සහභාගිත්වයෙන් පැවැත්වින.

මෙහිදි සියලු කණ්ඩායම් A,B,C,D,E,F වශයෙන් කාණ්ඩ 4ක් යටතේ වර්ග කල අතර කණ්ඩායම් තරග අවසානයේ A කාණ්ඩයේ පෙරමුණ MORA A කණ්ඩායම විසින් ලබා ගන්නා ලද්දේ,VPAහා,SLTC කණ්ඩායම් පරයමිනි.තවද B කාණ්ඩයේ පෙරමුණ EASTERN A කණ්ඩායම දිනා ගන්නා ලද්දේ SABARA ,OPEN,කණ්ඩායම් කෙරෙහි ප්‍රබල පිඩනයක් එල්ල කරමිනි.

C කාණ්ඩයේ පෙරමුණ WAYAMBA කණ්ඩායම ද, D කාණ්ඩයේ පෙරමුණ COLOMBO A පිළ හා F කාණ්ඩයේ පෙරමුණ SAGEIS කණ්ඩායම විසින් ලබා ගන්නා ලද්දේ අනෙකුත් කණ්ඩායම් වලට ප්‍රබල අභියෝගයක් ලබා දෙමින් ය. 

අර්ධ අවසන් පුර්ව වටය, වඩාත් උද්වෙගකර වටයක් වුයේ ප්‍රබල PES -NSBM , MORA A-EASTERN A ,MORA B- WAYAMBA ,COLOMBO A-SAEGIS, කණ්ඩායම් එකෙනෙක තරග වැදුනු බැවිනි, කෙසේ නමුත් එයින් අවසන් පුර්ව වටයට තෙරි පත් විමට හැකි වුයේ MORA -A, PES ,SAEGIS ,WAYAMBA කණ්ඩායම් වලටයි.උද්වෙගකර අවසන් පුර්ව වටයේ කාගෙත් අවදානය WAYAMBA -SAEGIS කණ්ඩායම් තරගයට යොමු වුයේ WAYAMBA කණ්ඩායමේ වගීශ වන්නිආරච්චි ගේ උද්වේගකර තරග රටාව දෙසටයි, නමුත් ඔහුගේ උත්සහාය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණයවත් නොවිය. ඒ අනුව WAYAMBA කණ්ඩායම පරයා SAEGIS කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.එයට නොදෙවෙනි අවසන් පුර්ව තරගයක් වු MORA -A කණ්ඩායම හා PES කණ්ඩායම අතර තරගයේදි PES කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නා ලද්දේ සුවහසක් මොරටු ප්‍රේක්ෂකයන් ගේ බලාපොරොත්තු සුන් කරමිනි.

Mora Sixes අන්තර්ජාතික තරගාවලියේ අන්තර්ජාතිකත්වය මොනවට තහවුරු කල අවසන් තරගය , PES කණ්ඩායම හා SAEGIS කණ්ඩායම අතර පැවති අතර එහි උද්වෙගකර බව කාගෙත් අවදානය එදෙසට යොමු කිරිමට සමත් විය,ප්‍රබල තරගයකින් අනතුරුව SAEGIS කණ්ඩායම Mora Sixes ශුරතාවය දින ගන්නා ලදි.තරගාවලියේ ශුරතාවය ,එසේ SAEGIS කණ්ඩායම දිනා ගනිද්දී ,තරගාවලියේ හොදම පිතිකරු කුසලතාවය WAYAMBA කණ්ඩායමේ වගිශ වන්නිආරච්චි විසින් දිනාගත් අතර , PES කණ්ඩායමේ නවීන් බාලා විසින් හොදම පන්දු යවන්නා කුසලතාවය දිනා ගන්නා ලදී.

ජයග්‍රහකයින් සියලු දෙනාට MoraSpirit අපේ උණුසුම් සුභ පැතුම්.


Comments