විශ්වවිද්‍යාල තුනක් කණ්ඩායම් හතරක් අත්පන්දු අවසන් මහා තරගයට සූදානමින්

විශ්වවිද්‍යාල තුනක් කණ්ඩායම් හතරක් අත්පන්දු අවසන් මහා තරගයට සූදානමින්

දින හතරක් පුරාවට මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති SLUG-XIII 2019 අන්තර් විශ්වවිද්‍යාලයීය අත්පන්දු තරග මාලවේ අවසන් මහා තරග සඳහා විශ්වවිද්‍යාල තුනකින් කණ්ඩායම් හතරක් කරට කර තරග වැදීමට සූදානම්ව ඇත.

කාන්තා තරග වට 21කින් ද පිරිමි තරග වට 24කින් ද සමන්විත වූ SLUG-XIII අත්පන්දු තරග මාලව විශ්වවිද්‍යාල 14 ක් කාණ්ඩ 4 (A,B,C,D) ක් යටතේ දින හතරක් පුරාවට දිග හැරුණි. මූලික වට 18 කින් සමන්විත වූ තරග මාලාවෙන් තේරීපත්වුණු ශූරයින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව වටය තරග වට 4 කින් සමන්විත වූ අතර ජයග්‍රාහී කණ්ඩායම් අවසන් පූර්ව වටයට තේරීපත් විය. අවසන් පූර්ව වටයේ ශූරයින් අද අවසන් මහා තරගයේ තම දස්කම් පෙන්වීමට සූදානම් වනු ඇත.

පළමු දිනයේ දී කන්තා මූලික තරග දියත් වූ අතර මුල් මූලික තරග පහේ ජයග්‍රහණයේ සාඩම්බර හිමිකරුවන් වූයේ කොළඹ, රුහුණ, කැලණිය, මොරටුව සහ ජපුර කණ්ඩායම් ය. 7, 8 තරග වටවල දී දෙවන වරටත් ජයග්‍රහණය භුක්ති විඳීමට කොළඹ සහ රුහුණු කණ්ඩායම් වරම් ලැබීය. ඉන්පසු පැවති තරග වට වලදී ජය ලැබීමට පේරාදෙණිය, රජරට, සබරගමු සහ අග්නිදිග කණ්ඩායම් සමත් විය. දෙවන දිනයේ පැවති කාන්තා මූලික වට වලදී රුහුණු, කැලණි, රජරට සහ සබරගමු කණ්ඩායම් ජයපැන් භුක්ති විඳීමට සමත් විය.       

දෙවන දිනයේ දී පිරිමි මූලික වට වල සමාරම්භය සනිටුහන් වූ අතර මුල් තරග වට 6 තුල දී මොරටුව, වයඹ, සබරගමු, ජපුර, රජරට සහ කැලණිය කණ්ඩායම් වට 2-0 ක් ලෙස තම ප්‍රතිවාදීන් හමුවේ පහසු ජයක් ලබා ගැනීමට සමත් වූ අතර ඉන්පසුව පැවති තරග වට තුන තුලදී දෙවන වරටත් ජයපැන් භුක්ති විඳීමට මොරටුව, වයඹ සහ සබරගමු කණ්ඩායම්වලට අවස්ථාව ලැබිණි. අත්පන්දු තරග මාලාවේ තුන්වන දිනය තුල පැවති පිරිමි මූලික වට වල ජයග්‍රහණයේ කිරීමට යාපනය, අග්නිදිග, කොළඹ, පේරාදෙණි, ජපුර, සබරගමු, රජරට සහ කැලණි කණ්ඩායම් පිළිවෙළින් සමත් විය.

මූලික තරග වට අවසානයේ අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත් වූ කාන්තා කණ්ඩායම් තුන් වන දිනයේදී කරට කර තරග වැදුනේ අවසන් පූර්ව වටයට තේරී පත් වීමේ දැඩි අධිෂ්ඨානයෙනි. කෙසේ වෙතත් අර්ධ අවසන් පූර්ව වටයේ ජයග්‍රහණයේ මල් ඵල නෙලා ගැනීමට රුහුණු, කැලණි, කොළඹ සහ සබරගමු කණ්ඩායම් පිළිවෙළින් තම ප්‍රතිවාදීන් වූ මොරටුව, ජපුර, රජරට සහ පේරාදෙණි කණ්ඩායම් හමුවේ සමත් විය. එලෙසින්ම වොලිබෝල් තරග මාලාවේ සිව්වන දිනය තුලදී පිරිමි අර්ධ අවසන් පූර්ව වටය දිග හැරුණු අතර වයඹ, සබරගමු, මොරටුව සහ කැළණිය කණ්ඩායම් පිළිවෙලින් අග්නිදිග, කොළඹ, රජරට සහ ජපුර කණ්ඩායම් වල අවසන් පූර්ව වටයට තේරීමේ බලාපොරොත්තු සුනු විසුනු කරමින් ජය ලැබීය.

කාන්තා අවසන් පූර්ව වටයේ දී කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු සුනු විසුනු කරමින් කැලණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩිකාවන් ද රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩිකාවන් අභිබවා යමින් සබරගමු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩිකාවන් ද අවසන් මහා තරගයට වරම් ලැබීය. එලෙසින්ම පිරිමි අවසන් පූර්ව වටයේදී මොරටුව විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයන් මවිතයට පත් කරමින් සබරගමු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයින් ද දැඩි තරගකාරී තරග වට පහකට පසු කැලණි විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයින් පරදා වයඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායමද අවසන් මහා තරගයේ තරග වැදීමට මන් පෙත් විවර කරගනු ලැබීය. අවසන් මහා තරගයේ සබරගමු විශ්වවිද්‍යාලයීය කන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකම තරග වැදීමට වරම් ලැබීම කැපී පෙනෙන දසුනක් විය.

ඒ අනුව අවසන් මහා තරගයේ මුහුණට මුහුණ තරග වැදීමට නියමිත කාන්තා කැලණිය සහ සබරගමු කණ්ඩායම් වලටද පිරිමි වයඹ සහ සබරගමු කණ්ඩායම් වලටද MoraSpirit අපගේ උණුසුම් සුභ පැතුම්.    


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments