ජ’පුරයින් අභියෝගයට සූදානම්…

ජ’පුරයින් අභියෝගයට සූදානම්…

SLUG තරගබිම දිනෙන් දින උණුසුම් වන්නේ අපටත් නොදැනීමයි. තව දින කිහිපයකින් ඇරඹීමට නියමිත එම ක්‍රීඩා මංගල්‍යයට විශ්වවිද්‍යාල වශයෙන් ඇති සූදානම පිලිබද විමසන්න MoraSpirit කණ්ඩායම වශයෙන් අපි තීරණය කලෙමු.


ඒ සදහා මුලින්ම අපි තෝරගත්තේ ගියවර ශුරයන් වුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයි. ඒ පිළිබද සාකච්ඡා කිරිමට අප තොරගත්තේ එහි ක්‍රීඩා කවුන්සිලයේ සම සභාපති ලෙස කටුයුතු කරන සුපුන් බණ්ඩාර සොහොයුරවයි.හු විද්‍යාව හා කළමනාකරණ පාඨමාලාව හදාරමින් විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටින දීප්තිමත් සිසුවෙක්. ඒ නිසා තරමක් කාර්‍ය්බහුල පෙනුමක් අපට දැකගන්නට තිබුණා. නමුත්ඔහුගේ වටිනා කාලය අපත් සමග බෙදාගන්නට එක්වුණේ සිනාමුසු මුහුණිනි. 

නායකයෙකු වශයෙන් ඔබ දිගු ගමනක් පැමිණ තිබෙනවා ඒ සදහා පාසලෙන්,දෙමව්පියන්ගෙන් ක්‍රීඩාවට ලැබුනු පන්නරය මොනවගේද?

මගේ ක්‍රීඩාවේ මූලික අඩිතාලම මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය එය දක්ෂයන් තනන තොතැන්නක් එහි සමාජිකයෙක් වීම මටත් සතුටක්.ඒ වගේම දෙමව්පියන්ගෙන් සහ සහෝදරයන්ගෙන් ලැබුණු නොමද සහය නිසා ක්‍රීඩාවේ මේතාක් දුර පැමිණීමට මට හැකි වුණා. සෑමදේම සමබරව හා සමතැන ලබාදෙමින් කරන ආකරය අපට පලමුව කියාදෙන්නේ ගෙදරින් සහ පාසලින්.

ක්‍රීඩා දිවිය කියන්නේ අමතක නොවන මතක ගොන්නක එකතුවක් එසේ කිව්වොත් මා නිවැරදිද?

ඇත්තටම ඔව් 2016 තමයි මගේ දිවියේ අමතක නොවන අවුරුද්ද, 2016 විශ්වවිද්‍යාල තරග බිමේ මගේ ප්‍රථම පදක්කම ලබාගැනීම කවදාවත් මට අමතක නොවේවී. එදින තිබූ පීඩනය ජයග්‍රාහී අවසානයකට මංපෙත් විවර කරවන්න සමත්වුණා. එදා ලබාගත් පීඩනය මම පන්නරයක් කරගත් නිසා අද මං කිසියම් සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා.

සුපුන් මා දකින්නේ ඔබ ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම හසුරවන ප්‍රබල නායකයෙක් ලෙසයි. විශ්වවිද්‍යාලයේ අතීත ක්‍රීඩා දක්ෂතා ගැන කතාකලොත්?

1950 දී ආරම්භ වූ විශ්වවිද්‍යාලය තරගාවලි මාලාවේ 2016 වර්ෂය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දක්ෂතා ඉහලින්ම ඉස්මතු වුන අවස්තාවක් ලෙස පෙන්වා දෙන්න පුලුවන්. ඒ නිසාම මිනි කිරුල අපට ලබා ගැනීමට හැකි වුණ බවත් සතුටින් මතක් කල යුතුයි. අනෙකුත් වසරවලත් වල විවිධ ඉසව් වලින් සා‍ර්ථක වීමට අපගේ ක්‍රීඩා කණ්ඩායම් වලට හැකියාව ලැබුණා. එබදු ප්‍රෞඪ ඉතිහාසයකට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය උරුමකම් කියනවා.

මෙවර SLUG උණුසුම දිනෙන් දින වැඩිවනවා ඒ සදහා ඔබගේ විශ්වවිද්‍යාලයේ සූදානම කෙබදුද?

2016 දි අපි ලබා ගත් මිනිකිරුල රැක ගැනීමට සියලු දෙනාම ඉතාමත් මහන්සියෙන් පුහුණුවීම් කටයුතුවල යෙදෙනවා. හැම ක්‍රීඩකයෙක්ම තමන්ගේ අධ්‍යයන කාලසටහන් කැපකරමින් පවා මෙයට සහභාගී වෙන බව සතුටින් මතක් කරන්න ඕනී. දිනපතා, සතිපතා, නිවැරදි පුහුණුව තුලින් ඔවුන් සාර්ථක අභ්‍යාස ලබා ගනිමින් සිටින අයුරු අපටද දක්නට ලැබුණා

SLUG තරගබිමේ කණ්ඩායම් හැගීම් තරග රිද්මයට ඉවහල් වන අවස්ථා ගැන කතා කලොත්?

සෑම තරගයක්ම කණ්ඩායම් හැගීම් මතුවන අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැක. සෑම අවස්ථාවකදීම සියලු දෙනාගේම උපරිම දක්ෂතා තුලින් තරගයේ රිද්මය පවත්වා ගෙන ක්‍රීඩා කල යුතුයි.


SLUG තරග බිමේදි සැමට අභියෝගයක් වෙන්නයි ඔබගේ සූදානම  මා එලෙස කීවොත් නිවැරදියි නේද?

සියලුම විශ්වවිද්‍යාලය හොද සූදානමකින් සිටින්නේ මේ මිනි කිරුල තමන් සතු කරගන්න ඒ නිසා සියලුම විශ්වවිද්‍යාල අපට  අහියෝගයක්. නිරන්තර පුහුණුව කියන එක සෑම තරගයකටම බලපානවා ඒ නිසා ව්ශ්විද්‍යාල වශයෙන් සැහෙන අවධානයක් පුහුණු වීම්වලට යොමු කරලා තියෙනවා 

MoraSpirit කණ්ඩායම SLUG තරගාවලියට පුලුල් මාධ්‍ය ආවරණයක් ලබාදීමට නියමිතයි ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස?

රාජ්‍ය විශ්වවිද්‍යාලය 14න් live updates ලබා දෙන එකම Media Unit එක විදිහට MoraSpirit හදුන්වන්න පුලුවන්. ඊට අමතරව මෙමගින් විශ්වවිද්‍යාල සිසුන් යනු හුදෙක් උද්ඝෝෂණ කරන පිරිසක් නොවන බවත් සමාජ ගත කිරීමට හැකිවෙනවා. විශ්වවිද්‍යාලය පද්ධතියේ ගුණාත්මක බව වැඩි කරන සාධකයක් ලෙසද මෙය හැදින්විය හැක 

දීර්ඝ පිළිසදරකින් පසුව සුපුන් සොහොයුර අවසානයේ අපට පැවසුවේ ජාන්ත්‍යන්තර ක්‍රිඩකයන් බිහිවන්නට තෝතැන්නක් වුණු SLUG තරග බිම. සියලු විශ්වවිද්‍යාල වලටම අභියෝගයක් බවත්, 200 කැප කිරීමක් කර ලබන පරාජය, 50 ක කැපකිරීමක් කර ලබන පරාජයට වඩා වටිනාකමක් තිබෙන බවත් එතුලින් ඉගෙනීමට දේවල් රැසක් හමුවණ බවත්ය. .


SLUG තරග බිමේ පෙරළි කාරයන් වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට Moraspirit අපෙන් උණුසුම් සුභපැතුම්.


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments