කොටවිල ක්‍රීඩාංගණය උණුසුම් කරවමින් පාපන්දු තරගාවලිය නිමවෙයි

කොටවිල ක්‍රීඩාංගණය උණුසුම් කරවමින් පාපන්දු තරගාවලිය නිමවෙයි

13 වන SLUG තරග මාලාවේ පාපන්දු තරගාවලිය තරග 23 ක් යටතේ දිගහැරිනි. මූලික තරග 15 කින් තෝරාපත්වන ශූරයින් අර්ධ අවසන් තරගයට සුදුසුකම් ලැබීමෙන් පසු අවසන් මහා තරගය දක්වා තරග මාලාව ක්‍රියාත්මක විය. මාතර උයන්වත්ත හා කොටවිල ක්‍රීඩාංගණ වලදී තරග පැවැත්වුණි.

පළමු දිනයේ පූර්වභාගයේදී මූලික තරග දියත් වූ අතර අර්ධ අවසන් තරග අපර භාගයේදී දියත්වුණේ කාලගුණය සමග පොර බදිමිනි. මුල් මූලික තරග දෙකේදි දඩුවම් පහර මගින් ජයග්‍රහකයින් තෝරාගැනීමට සිදුවූ අතර මොරටුව සහ වයඹ කණ්ඩායම් එම ජයග්‍රහණවල සාඩම්බර හිමිකරුවන් බවට පත්විය. ජපුර, රුහුණ සහ යාපනය ක්‍රීඩකයින් ඊලග තරග තුන ජයග්‍රහණය කළ අතර මොරටුව කණ්ඩායම 6 වන තරගයේදි දෙවන වතාවට ජයපැන් බීමට සමත් විය. වයඹ, පේරාදෙණිය, සහ කොළඹ කණ්ඩායම් ප්‍රතිවාදීන්ට ලකුණු ලබාගැනීමට අවස්තාවක් ලබා නොදී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණි. ගෝල 6ක් ලබාගනිමින් අතිවිශිෂ්ට ලෙස සබරගමුව විශ්වවිද්‍යාලය ජයගත් අතර තුන්වන මොරටු ජයග්‍රහණයද ඉන්පසු තරගයේදී ලියවුණි. නැවත වරක් දඩුවම් පහර මගින් ජයග්‍රාහකයින් තේරීමට සිදුවූ අතර එහි ජය අග්නිදිග කණ්ඩායමට ලැබිණි.

ප්‍රබල ලකුණු සටහනකින් (4-0) තරගය නිමකල ජපුර විශ්වවිද්‍යාලය අර්ධ අවසන් තරගයට සුදුසුකම් ලැබීය. දඩුවම් පහර සාර්ථක කරගත් සබරගමු, නැගෙනහිර, පේරාදෙණිය හා අති ප්‍රබල කොළඹ, මොරටු, වයඹ සහ යාපනය කණ්ඩයම් ද අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය.

පලමු තරගයෙන් මොරටුව කණ්ඩායමත් දෙවන තරගයෙන් යාපනය කණ්ඩායමත් තුන්වන සහ අවසන් තරග වලින් පේරාදෙණිය හා සබරගමු කණ්ඩායම් අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලැබීය.

අවසන් පූර්ව තරගයේදි පේරාදෙණිය කණ්ඩායම පරදවා යාපනය කණ්ඩායමත් සබරගමු කණ්ඩායම පරදවා මොරටුව කණ්ඩායමත් අවසන් මහා තරගයට පියමන් කරනු ලැබීය.

තුන්වන ස්ථානය සදහා තරගයේදී සබරගමුව ක්‍රීඩකයින් ලකුණු 4 -0 ලෙස අතිවිශිෂ්ඨ ලෙස තරගය ජයග්‍රහණය කළේය.

අවසන් මහා තරගය මාතර කොටවිල ක්‍රීඩාංගණයේදි 1 වන දින සවස් යාමයේ පැවැත්විණි.

මෙය ආන්දෝලානත්මක තරගයක් බවට පත්වු අතර වර්ෂාව නිසා තරගයට බාධා මතුවිය. තරගයේ මුල්භාගයේ කරට කර සටනක් ගෙන යන අතරතුර මොරටුව දැල් රකින ක්‍රීඩකයා අතින් යාපනය ඉදිරිපෙල ක්‍රීඩකයෙකු අනවසර වැළැක්වීමකට භාජනය කළායැයි සලකමින් රතු පැහැති කාඩ්පත ලබා දුන්නනේ ය. මේ වන විට ඇහැලෙමින් තිබූ වර්ෂාව දරුණු වීම නිසා තරගය නැවත ආරම්භ නොකොට නතර කෙරිණි. තරගයේ ජයග්‍රහකයින් මේ වනතුරු නිශ්චිතව ප්‍රකාශ කර නොමැත.

කෙසේ නමුත් තරගාවලියේ අවසානය දක්වා පැමිනීමට තරම් දක්ෂතා දැක් වූ දෙපිලටම ජයග්‍රාහී අවසානයකට MoraSpirit අපෙන් සුභ පැතුම් එක් කරනු ලබනවා.


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments