දක්ෂතාව සහ වාසනාව මත දෝලනය වූ එල්ලේ කිරුළ

දක්ෂතාව සහ වාසනාව මත දෝලනය වූ එල්ලේ කිරුළ

උයන්වත්ත සහ දික්වැල්ල විජිත කෙළිබිම් උණුසුම් කළ දින තුනක නිමාව සටහන් වූයේ වාසනාව සහ දක්ශතාවය උරෙන් උර ගැටුණු මහා එල්ලේ සංග්‍රාමයකින් අනතුරුවයි.  එයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගත් විශ්ව විද්‍යාල කණ්ඩායම් 14ක් A,B,,C,D ලෙස කාණ්ඩ හතරකට වෙන්විය.කුමකින් කුමක් සිදුවුවද ජපුර සහ රුහුණ පිරිමි කණ්ඩායම් වල වාසනාව හමුවේ, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල කණ්ඩායමේ නොපැමිණීම මත අර්ධ අවසන් පූර්ව වටයට නිතරගයෙන් තේරීපත් වීම කාගේත් අවදානයට ලක් වූ කරුණක් විය.නමුත් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල කාන්තා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරඟ වැදුණහ.එහිදී ඔවුන් හා උරෙනුර ගැටුනේ පේරා සහ ජපුර කාන්තා කණ්ඩායම් ය. ඔවුන් සෞන්දර්ය ක්‍රීඩිකාවන් පරයා පහසු ජයග්‍රහණයක් ලබාගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

කාන්තා සහ පිරිමි A කාණ්ඩ වල තරඟ රටා සාමාන්‍ය පරිදි සිදුවත්දී C කාණ්ඩ වල උද්වේගකර තරඟ රටාවක් විනිසුරුවරුන්ගේ පවා අවදානයට ලක්විය.පිරිමි C කාණ්ඩයේ මූලික වටයේ තරඟ අතරතුර ගියවර SLUG එල්ලේ අනුශූරයන් වූ වයඹ කණ්ඩායමේ දුර්වල තරඟ රටාව කාගෙත් විමතියට ලක්විය.තවද මොරටුව සහ කැලණිය කණ්ඩායම් අතර තරඟය සමවීමත් සමග පැවැති උද්වේගකර අමතර පන්දු යැවීම් වලදී මොරටුව කණ්ඩායමේ ජයග්‍රහණයේ සිහිනය බොඳ කිරීමට කැළණිය කණ්ඩායම සමත් විය.තවදුරටත් පිරිමි B කාණ්ඩ වල තරඟ වලදී යාපනය කණ්ඩායමේ ප්‍රවේගකාරී තරඟ රටාව රජරට කණ්ඩායම හමුවේ දෙදරා යාමකට ලක්විය.අර්ධ අවසන් පූර්ව වටයේදී සබරගමුව ක්‍රීඩකයන් උද්වේගකර තරඟයක් හා අමතර පන්දු අවස්ථා දෙකක් තුළදී රුහුණු ක්‍රීඩකයන් හා සටන් වැදුණි.නමුත් සබරගමුව ක්‍රීඩකයන්ගේ වාසනාව රුහුණු ක්‍රීඩකයන්ගේ එල්ලේ කිරුළේ සිහිනය බොඳ කළේය. ඒ තරඟ ජයග්‍රහණය කාසියේ වාසිය මත රැඳුණු බැවිනි.

ප්‍රවේගකාරී අර්ධ අවසන් පූර්ව වට අවසානයේ ගියවර SLUG එල්ලේ ශූරයන් වූ කැළණිය කණ්ඩායම තම ගෞරවය හංගාගෙන පසුබෑම කණගාටුදායක විය.කාන්තා අවසන් පූර්ව තරඟ වටයේදී රජරට හා කැළණිය කණ්ඩායම් කරට කර තරඟයේදී ප්‍රභල රජරට කණ්ඩායම කැළණි කණ්ඩායම විසින් පරාජයට පත් කිරීම කාගෙත් අවදානයට ලක්වූවක් විය.වර්ෂාව විටින් විට දික්වැල්ල විජිත කෙළිබිම සෝදා හරිද්දී,කැළණි ක්‍රීඩිකාවන්ගේ උද්වේගකර තරඟ රටාවට අභියෝග කිරීමට රුහුණු ක්‍රීඩිකාවන්ට නොහැකිවිය.ඒ අනුව කැළණි ක්‍රීඩිකාවන් පහසුවෙන් ශූරතාවය හිමිකරගත්තේය.පිරිමි අවසන් පූර්ව තරඟ වලින් උයන්වත්ත කෙළිබිම දෙදරුම් කද්දී අහස දෙදරුම්කා වැසි වැටුණේ බලාපොරොත්තු සුන් කරමිනි.නමුත් තරඟ තීරකවරු එම බාධා මැඩගෙන තරඟ පැවැත්වීම කාගේත් ප්‍රශංසාවට බඳුන්විය.2018 අන්තර් විශ්ව විද්‍යාලයීය එල්ලේ ශූරතාවලියේදී සමස්ත පිරිමි ශූරයන් වූ ජපුර කණ්ඩායම තමන්හැර වෙනෙකෙකුට ශූරතාවය නොදෙමි යන අදිටනින් ප්‍රබල සබරගමුව කණ්ඩායමට අවසන් වටයේදී අභියෝගය එල්ල කරන ලදි.එල්ලේ මිණි කිරුල දෙපිලටම දෝලනය වෙමින් අවසානයේ දී ජපුර කණ්ඩායම සතුවිය.

දින තුනක එල්ලේ තරඟ නිමාව අපට සටහන් කළේ ජයග්‍රහණය දක්ශතාවය සේම වාසනාවද පදනම් කරගත් දෙයක් බවයි. නිමාව වූ මහා එල්ලේ සංග්‍රාමයේ ශූරතා සහ අනුශූරතා හිමිකරගත් කාන්තා සහ පිරිමි කණ්ඩායම් වලට MoraSpirit අපගේ උණුසුම් සුභපැතුම්.




Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments