බොක්සින් වළල්ලෙහි සිහින හඹා යන අපේ ශූරියන්

බොක්සින් වළල්ලෙහි සිහින හඹා යන අපේ ශූරියන්

ක්‍රීඩා ලොව දක්ෂයින් අතර අති දක්ෂයින් හඹා යන පොදු රද මඩලු ක්‍රීඩා උළෙල තව නොබෝ දිනකින් ගෙන ඒමට එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර මේ වන විට ලහි ලහියේ සූදානම් වෙමින් පව්තියි.

මෙවර පොදු රද මඩලු බොක්සින් වළල්ලෙහි ශ්‍රී ලංකා නාමය සනිහිටුවන් කරමින් තම දස්කම් විස්කම් දක්වන්නට බලාපොරොත්තු වන අපේම ක්‍රීඩිකාවන් පිළිබඳවයි මෙම සටහන.

 

2022 මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේදි බොක්සින් ක්‍රීඩාවෙන් ශ්‍රි ලංකාව නියෝජනය කරමින් මෙවර ක්‍රිඩිකාවන් තිදෙනෙකු සහභාගි වීමට නියමිතය. එම ක්‍රීඩිකාවන් පහත පරිදිය.

·      නදීකා පුෂ්පකුමාරි

·      කේෂානි හංසිකා

·      සජීවනි කුරේ

 

 

මෙවර 48 kg බර පංතිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන නදීකා පුෂ්පකුමාරි ජාතික මෙන්ම ජාත්‍යාන්තර බොක්සින් වළල්ලේද තම දස්කම් විදහ දැක්වූ ක්‍රිඩීකාවකි.2021 වර්ෂයේදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති කාන්තා bantamweight ආසියානු ශූරතාවලි තරඟාවලියේදි 51 kg බර පංතිය නියෝජනය කරමින් රටවල් 27 ක දක්ෂ ක්‍රිඩිකාවන් 300 පමණ අතරින් තෙවන ස්ථනය දිනාගනිමින් ශ්‍රී ලංකා මාතාවට ලෝකඩ පදක්කමක් ගෙන ඒමට ඇය සමත් විය.

 

ශ්‍රී ලංකාවා නියෝජනය කරමින් මෙවර පොදු රද මඩලු බොක්සින් ක්‍රීඩාවෙහි 50 kg බර පංතියෙන් තම දක්ෂත පෙන්වීමට බලාපොරොත්තු වන සේම කෝට්ටේ ආනන්ද බාලිකාවෙන් තම අධ්‍යාපනය හදාරා බොක්සින් ක්‍රීඩාවට අත්පොත් තැබූ ඇය නමින් කේෂානි හංසිකාය. 2012,2013,2014,2016,2017,2018 යන වසර වල ජාතික තලයේ තම සුපුරුදු ක්‍රීඩා විලාසය පෙන්වූ ඇය එම වසර වල නැගි එන ජාතික ශූරිය බවට තේරි පත් විය. එසේඑම 2014 සහ 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය සඳහ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගි විය. 2014 දී ලෝක ශූරතා බොක්සින් තරඟාවලියෙහි රටවල් විශාල ප්‍රමාණයක අතිදක්ෂ ක්‍රීඩිකාවන් අතරින් නව වන ස්ථානය ලබා ගැනීම්ට ඈ සමත් විය. එසේම ඉන්දුනීසියාවෙ දි පැවැත්වූ විවෘත බොක්සින් තරඟාවලියේදි ශ්‍රී ලංකා මාතාව හට ලෝකඩ පදක්කමක් දිනා දීමට ඇය හට හැකියාව ලැබිණි.

 

මෙවර පොදුරද මඩලු බොක්සින් වළල්ලෙහි 57 kg බර පංතියෙන්  සිංහ ධජය එසවීමට බලාපොරොත්තු වන්නෙ මොරට්‍ය්ව කඩාලන ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් තම අධ්‍යාපනය කටයුතු හැදෑරූ සජීවනි කුරේ ක්‍රීඩිකාවයි. 2014 වසරේදි ඇය සිය පළමු රන් පදක්කම 54 kg බර පංතිය නියෝජනය කරමින් ලේටන් කුසලාන තරඟාවලියේදි තමා සතු කර ගත්තාය. කාන්තාවකට සෑම අභියෝගයක්ම ජය ගැනීමට හැකියාව ඇති බව පසක් කරමින් 2015 දි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වූ අතර එම අව්ස්ථාව ඇගේ ක්‍රීඩා දිවියෙහි සාර්ථකත්වයට මහත් රුකුලක් විය. 2015 දී ඇය ඇගේ බර පංතියට අදාලව ජාතික ශූරිය බවට පත් වෙමින් ඇය ඇගේ ක්‍රීඩා දිවියෙහි නව පරිච්ඡේදයක් ආරම්භ කළාය.

 

බොක්සින් කාන්තා මූලික වටයෙහි මූලික තරඟාවලි එළෙඹෙන ජූලි 29 සිට පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලිය කාන්තා බොක්සින් සංචිතය මෙසේ අති දක්ෂ ක්‍රිඩීකාවන් තිදෙනෙක් ගෙන් සමන්විත අතර පොදු රද මඩලු බොක්සින් වළල්ලෙහි දස්කම් පෙන්වා ලක් මෑණියන් හට අභිමානයක් ගෙන ඒමට ඔවුනට හැකිවේවායි Mora Spirit අපි සුභ පැතුම් එක් කරන්නෙමු.



Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments