බොක්සින් ක්‍රීඩාවේ සරසවි ආගමනය

බොක්සින් ක්‍රීඩාවේ සරසවි ආගමනය

අඩ සියවසක නිහඬතාවය බිදදමනින් යලිත් තම නොනිම් මෙහෙවර ඉටුකිරීමේ අදිටනින් විශ්වවිද්‍යාලයිය ක්‍රිඩා පද්ධතිය හා මෑත කාලෙය්දී යලිත් සම්බන්ධ වු බොක්සින් ක්‍රිඩාවේ අතීත මතකයන් හා නව ආගමනයේ තොරතුරු සොයායන්නට MoraSpirit අපි තීරණය කලෙමු. එසේ සොයා ගිය ගමෙන්දි, විශ්වවිද්‍යාලයිය බොක්සින් ක්‍රිඩාව නව මාවතකට හරවාලීමේ ප්‍රමුඛ පුරෝගාමීන් අතරින් එක්තරා සුවිශේෂී යුග පුරුශයෙක් හා සම්බන්ධ වන්නට හැකියාව ලැබුණි. නමින් ආර්. වෑකඩපොල වු ඔහු අප හා සම්බන්ද වෙමින් දැක්වු අදහස් හා අප විසින් සොයාගන්නා ලද අමතර තොරතුරුත් මෙලෙස ගෙන එන්නමු. 


අතිතයෙන් බිඳක්...


70 දශකයට පෙර සිටදී වුවද, අද ඔබ හා අප කතා කරන බොක්සින් ක්‍රිඩාව විශ්ව විද්‍යාලයිය ක්‍රිඩාවක් වශයෙන් පැවති අැති අතර, කොළඹ විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය ව්ශ්වවිද්‍යාලය බොක්සින් වලල්ලේ ආධිපත්‍යය හිමිකර ගෙන සිටියහ. එවකට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාරිරික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ, ඩන්කන් වයිට් යුගයේ ශ්‍රි ලාංකීය ධජය ජාත්‍යන්තරයේ ලෙල දෙවන්නට පවා සමත් වූ ලෙස්ලි හදුන්ගේ මහතා වැනි ප්‍රමුඛ පෙලේ පුරෝගාමීන්ගේ මග පෙන්වීම යටතේ විශ්ව විද්‍යාල බොක්සි ක්‍රිඩාව නවගමක් ඔස්සේ ගමන් කරමින් පැවතී ඇත.


බොක්සින් ක්‍රිඩාවට තිත...


 එකල පැවති අනතර් විශ්වවිද්‍යාල බොක්සින් තරගවලියකදී බොක්සින් ක්‍රිඩකයෙකුහට මුහුණ පාන්නට සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් පණ නැන්වමින් පැවති බොක්සින් ක්‍රිඩාව හුදෙක් නිහඬ අන්ධකාරයකට අැද දැමීමට පසුකාලීනව සිදුවි තිබේ. මෙම සිදුවීම සුළු අනතුරක් වුවද, විශ්ව විද්‍යාල බොක්සින් ක්‍රිඩාවේ මෙන්ම පාසල් බොක්සින් ක්‍රිඩාවේ ඉදිරි ගමනේ සමාප්තිය පෙන්නුම් කරන්නට තරම් හේතු සාධකයක් වන්න ඉඩ ප්‍රස්ථාවක් තිබුනද, පාසල් විදුහල්පතිවරුන්ගේ හා පාසල් බොක්සින් සමුළුවේ ප්‍රමුඛත්වයෙන් ඉල්ලීම පරිදි එකල අග්‍රාමාත්‍යධුරය දැරෑ ජේ. ආර් ජයවර්ධන මහතාගේ මුලිකත්වෙයන් නැවතත් පාසල් බොක්සින් ක්‍රිඩාව යලිත් ස්ථාපනය කරන්නට හැකියාව ලැබී තිබේ. මේ වන විට විශ්ව විද්‍යාල මට්ටමින් නොයෙකුත් දෙනාගේ ප්‍රමුඛත්වයෙන් යලි බොක්සින් ක්‍රිඩාව ස්ථාපනය කරන්නට උත්සහ දරා තිබු නමුත් ඉහත කී අභාග්‍යවත් සිදුවීම විශ්ව විද්‍යාල බොක්සින් ක්‍රිඩාවට පුරා වසර හතළියක අධික කාලයක අදුරු නිහැඬියාවකට මුහුණ පාන්නට සිදු වීමට තරම් හේතුවී ඇත.

 

යලි පිබිදීම...


පුරා වසර ගණනාවක නිහඩතාවයක පැවති විශ්වවිද්‍යාලයිය බොක්සින් ක්‍රිඩාවට නව පන්නරයක් ලබාදීමේ අරමුණෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලසිත් දහනායක හා හිමාෂ් අමුකොටුව සහෝදරයන්ගේත්, ආර්.වෑකඩපොල මහතාගේත් ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයිය ශාරිරික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේත් සහයෝගයෙන් ආරාධිත බොක්සින් තරඟමාලාවක් වශයෙන් ලෙස්ලි හදුන්ගේ අනුස්මරණ කුසලාන අන්තර් විශ්වවිද්‍යාලයීය තරගාවලිය පවත්වා ඇත. සාර්ථක අන්දමින් පසුගිය වසරේ පෙබරවාරි මස අග භාගයේදී  පැවති මෙම තරගාවලි මාලාව විශ්වවිද්යලීය බොක්සින් ක්රීඩාවේ නැවත ආගමනයට හේතු වූ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ගෙනහැර දැක්විය හැකිය.

පසූකාලීනව මෙහි ප්‍රතිපලයක් වශයෙන් රාජ්ය විශ්ව විද්‍යාලයිය ක්‍රිඩා පද්ධතිය තුල බොක්සින් ක්‍රිඩාව යලි ස්ථාපනය කිරීමේ අරමුණ ඇතිව සිදුකරන පළමු දැනුවත් කිරීමේ අන්තර් විශ්ව විද්‍යාලයිය බොක්සින් වැඩමුළුවක් මේ වසරේ පෙබරවාරි මස ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලිය ශාරිරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා බොක්සින් කණ්ඩායම ප්‍රමුඛත්වයෙන් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පත්වන්නට යෙදිණ. ශ්‍රි ලංකා බොක්සින් සංගමයේ පුර්ණ දායකත්වයෙන්ද පැවති මෙම වැඩමුළුව සඳහා නන්දෙසින් විශ්ව විද්‍යාල බොක්සින් ක්‍රිඩා සහෝදරත්වය හා සම්බන්ධ වන්නට බලාපොරොත්තුවන හා ක්‍රිඩාවේ උන්නතිය උදෙසා සහයෝගය දැක්වීමට අපේක්ෂා කරන ආරාධිත විශ්ව විද්‍යාල බොක්සින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහභාගි වී ඇත.


ඉදිරි ගමන...


70 දශකයේ ලෙස්ලි හදුන්ගේ ඔලිම්පික් ක්‍රිඩකයාගේ මුලිකත්වයෙන් නව මුහුණුවරක් ගත්, අඩසියවසකට අධික කාලයක නිහඬතාවය බිද දමා යලි පණ නැංවූ විශ්ව විද්‍යාලයිය බොක්සින් ක්‍රිඩාව අදවන විට, ක්‍රිඩාවේ උන්නතිය උදෙසා ඉදිරි පියවර වශයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, හා මොරටුව විශ්ව විද්‍යාලය ඇතුළුව විශ්ව විද්‍යාල රැසක විශ්ව විද්‍යාල මට්ටමින් ක්‍රිඩාලෝලී ක්‍රිඩක පිරිසකගේ මැදිහත් වීම මත ක්‍රිඩා පුහුණු වැඩකටයුතු අාරම්භ කර ඇති බව වත්මන් පුහුණුවීම් කටයුතු පිළිබඳව වැඩිදුර තොරතුරු සොයන්නට යෙදුනු අපිට මොරටුව විශ්ව විද්‍යාලයේ වත්මන් බොක්සින් පුහුණුකරුලෙස කටයුතු කරන නිලුන වික්‍රමසිංහ සහෝදරයාගෙන් දැනගන්නට ලැබුණි. වැඩිදුරටත් කරුණු සොයා යන්නට යෙදුනු අපිට දැනගන්නට ලැබුනේ, දැනට විශ්ව විද්‍යාලයිය මට්ටමින් නිල නොවන ලෙස ආරම්භ කර ඇති බොක්සින් ක්‍රිඩාව විශ්ව විද්‍යාල මට්ටමින් නිල ක්‍රිඩාවක් ලෙස පවත්වා ගෙන යාමට අවශ්‍ය අනුමැතිය SLUSA වෙතින් ලබා ගැනීමට බලාපොරොත්තුවන බවත්, ක්රීඩාවේ යෙදෙන ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගෙන් වත්මන් ප්‍රගතිය් සතුටු දායක බවත්, ඇතැමෙක් ජාත්‍යන්තර ක්‍රිඩා මට්ටමින් ක්‍රිඩා කිරීමට තරම් දක්ෂතාවයෙන් පිරිපුන් ක්‍රිඩක ක්‍රිඩිකාවන් බවත්ය.


 ශ්‍රි ලාංකිය දුපුතුන් වශයෙන් ලක්දෙරණේ නාමය ජාත්‍යන්තරය දක්වා ගෙන යාමට විශ්ව විද්‍යාලයිය බොක්සින් සහෝදරත්වයට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරන අතරම අප හා තොරතුරු බෙදා ගත් අාර් වෑකඩපොල මහත්මාණන්ටත්, නිලුන වික්‍රමසිංහ සහෝදරයාටත් ස්තුතිවන්ත වන්නෙමු. අවසාන වශයෙන්, ආධුනික මෙන්ම බොක්සින් ක්‍රිඩාවට ලැදි ඔබ සියලු දෙනාටම විශ්ව විද්‍යාලයිය බොක්සින් ක්‍රිඩාව හා සම්බන්ධ විමට සමස්ත විශ්ව විද්‍යාලයිය බොක්සින් සහොදරත්වය වෙනුවෙන් MoraSpirit අපි අාරාධනා කර සිටින්නෙමු.



Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments