සතරැස් පුවරුව මත සටන් වදින හෙටින් ඇරඹෙන කැරම් සටන

සතරැස් පුවරුව මත සටන් වදින හෙටින් ඇරඹෙන කැරම් සටන

අතිශය තරඟකාරී අයුරින් ගෙවී ගිය උද්වේගකර දින කිහිපයකින් අනතුරුව SLUG XIII-2019 ක්‍රීඩා උළෙළ මේ වන විට විශ්ව විද්‍යාලීය ක්‍රීඩා තරඟ ක්ෂේත්‍රය තුළ ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමි කරගෙන අවසන්‍ ය.ස්වකීය ක්‍රීඩා කෞශල්‍යය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවූ කණ්ඩායම් උපේක්ෂාවෙන් හැරී යද්දී අතිශය කැපීපෙනන අයුරින් දක්ශතා දක්වමින් ක්‍රීඩා කළ කණ්ඩායම් SLUG තරඟාවලිය තුළ ස්වකීය විශ්ව විද්‍යාලීය නාමය රන් අකුරින් සටහන් කරන ආකාරය ගත වූ දින කිහිපය තුළ දක්නට ලැඹුණි.කෙසේවෙතත් අතිශය තීරණාත්මක ක්‍රීඩා ඉසව් කිහිපයක්ම SLUG තරඟාවලිය තුළ ඉතිරිව තිබියදී හෙටින් ඇරඹීමට නියමිත කැරම් ක්‍රීඩා ඉසව්ව පිළිබඳ පෙර විපරමක් සිදු කිරීමටයි මේ සූදානම.

අන්තර් විශ්ව විද්‍යාලයීය කැරම් තරඟ ඉසව්ව තුළ වසර හයක් තිස්සේ අඛණ්ඩව ශූරතාවය හිමි කරගත් මොරටුව විශ්ව විද්‍යාලයීය පිරිමි කැරම් කණ්ඩායම ස්වකීය විජයග්‍රාහී තරඟ මානසිකත්වයෙන් යුතුව මෙවරත් තරඟ කරනු ඇත.2018 අන්තර් විශ්ව විද්‍යාලයීය කැරම් තරඟ ඉසව්ව විමසීමේදී, පිරිමි කැරම් තරඟ ඉසව්වේ ශූරතාව මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායමත් අනුශූරතාවය කැළණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායමත් හිමිකරගනිත්දී කොළඹ විශ්ව විද්‍යාලයීය කැරම් කණ්ඩායමට තෙවන ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.එම 2018 වර්ෂයේ අන්තර් විශ්ව විද්‍යාලයීය කාන්තා කැරම් ශූරතාවය කොළඹ විශ්ව විද්‍යාලයීය කැරම් ශූරියන් හිමි කරගත් අතර අනු ශූරතාවය සහ තෙවන ස්ථානයන් පිළිවෙලින් මොරටුව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කැරම් ක්‍රීඩිකාවන් විසින් හිමි කරගන්නා ලදි.

මීට අමතරව 2017 අන්තර් විශ්ව විද්‍යාලීය කැරම් තරඟ ඉසව්වේ පිරිමි ශූරතාව සුපුරුදු පරිදි මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩාම හිමි කරගනු ලැබූයේ පේරාදෙණිය විශ්ව ව්ශ්ව විද්‍යාලයීය කණ්ඩායමට අනුශූරතාවය හිමි කරදෙමිනි.එම වසරේ කාන්තා ශූරතාවය කොළඹ විශ්ව විද්‍යාලය උදුරාගත්තේ මොරටුව විශ්ව විද්‍යාල ක්‍රීඩිකාවන්ට අනුශූරතාවය හිමිකර දෙමිනි.

මිට අමතරව පසුගිය වසර තුළ පැවැති Grip to Grip කැරම් තරඟාවලියේ පිරිමි ශූරතාවය මොරටුව කණ්ඩායම හිමි කරගනිත්දී Mora Slam තරඟාවලියේ ශූරතාවය විවෘත විශ්ව විද්‍යාලයීය කණ්ඩායම හිමි කරගන්නා ලදි.

කැරම් ක්‍රීඩාව ක්‍රීඩාව යනු දිනුම පැරදුම අතර දෝලනය වන තීරණාත්මක ක්‍රීඩාවකි.හෙටින් ඇරඹෙන කැරම් තරඟ ඉසව්ව තුළ කුමන කණ්ඩායම ශූරතාවය හිමි කරගනීද යන්න දෙස ප්‍රේක්ෂකයන් මහත් අවධානයෙන් බලා හිදින වග නම් නොඅනුමානය.හෙටින් ඇරඹී දින දෙකක් පුරා සතරැස් පුවරුව මත සටන් වදින කණ්ඩායම් අතුරින් ශූරයන් බවට පත්වන කණ්ඩායම් ස්වකීය විශ්ව විද්‍යාලයීය නාමය ඉතිහාසය තුළ සනිටුහන් කරනු ඇත.හෙටින් ඇරඹෙන කැරම් තරඟ ඉසව්ව තුළ සිය දක්ෂතාවන් ඉහළින්ම දැක්වීමට සියළුම විශ්ව විද්‍යාල කණ්ඩායම් වෙත MoraSpirit අපගේ උණුසුම් සුභපැතුම්.


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments