SLUG 2023 වොලිබෝල් ශුරතාවලිය පිලිබඳ සංෂිප්ත සටහන

SLUG 2023 වොලිබෝල් ශුරතාවලිය පිලිබඳ සංෂිප්ත සටහන


14 වන විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලට, (SLUG 2023) අදාළ වොලිබෝල් තරඟ පසුගිය 26,27,28 සහා 29 යන දිනවල ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වීණී. 

මෙහිදී වොලිබෝල් තරඟ කාන්තා සහා පිරිමි ලෙස අංශ දෙකක් ඔස්සේ ක්‍රියාත්මක විය. කාන්තා සහා පිරිමි මූලික වටයේ තරඟ 26 සහා 27 යන දිනවල පැවති අතර සහභාගි වූ සියලු කණ්ඩායම් A,B,C සහා D වශයෙන් කාණ්ඩ 4ක් යටතේ තරඟ වැදුණි. 

එහිදී පිරිමි අංශය යටතේ පැවැත්වූ මූලික තරඟ වලින් A කාණ්ඩයේ පෙරමුණ කැලණිය විශ්ව විද්‍යාලය, B කාණ්ඩයේ ජය සබරගමුව විශ්ව විද්‍යාලය ද C කාණ්ඩයේ ජය යාපනය විශ්ව විද්‍යාලය ද අවසන් වශයෙන් රැහුණ විශ්ව විද්‍යාලය D කාණ්ඩයේද ජය ලබා අපරාජිතව වොලිබෝල් පිරිමි අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීය. මීට අමතරව පිළිවෙලින් මොරටුව, ශ්‍රි ජයවර්ධනපුර, කොළඹ සහා වයඹ විශ්ව විද්‍යාල කණ්ඩායම් ද ඒ ඒ කාණ්ඩ වල වැඩි තරඟ ප්‍රමාණයක් ජය ගෙන අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

වොලිබෝල් කාන්තා අංශය යටතේ පැවති මූලික වටයේ තරඟ වට වලින් පිළිවෙලින් සබරගමුව, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර සහා මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම් A,B,C සහා D කාණ්ඩ වලින් අපරාජිතව කාන්තා වොලිබෝල් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. මෙම කණ්ඩායම් වලට අමතරව කොළඹ, රැහුණ, පේරාදෙණිය සහා රජරට විශ්ව විද්‍යාල කණ්ඩායම් ද වැඩි තරඟ ප්‍රමාණයක් ජය ගෙන කාන්තා අර්ධ අවසන් පූර්ව වටය වෙනුවෙන් තම ස්ථානය වෙන් කර ගත්තේය. 

පිරිමි අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් ඒ වටයේ පලමු තරඟය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහා රුහුණ විශ්ව විද්‍යාලය තරඟ වැදුණු අතර එම තරගය වට 2-0 ලෙස රුහුණු විශ්ව විද්‍යාලය ජය ලැබීය. මොරටුව විශ්ව විද්‍යාලය සහා යාපනය විශ්ව විද්‍යාලය අතර තරඟය වට 2-0 ලෙස යාපනය විශ්ව විද්‍යාලය ද, කැලණිය හා කොළඹ විශ්ව විද්‍යාල අතර තරඟය වට 2-0 ලෙස කැලණිය විශ්ව විද්‍යාලයද පිරිමි අර්ධ අවසන් පූර්ව තරඟ නිමා කරමින් වයඹ සහා සබරගමුව විශ්ව විද්‍යාලය අතර තරඟය වට 2-0 ලෙස සබරගමුව විශ්ව විද්‍යාලය ද ජයග්‍රහණය කරන්නට සමත් විය.

කාන්තා අර්ධ අවසන් පූර්ව තරඟ වට අරඹමින් පලමුව තරඟ බිමට එළඹි පේරාදෙණිය විශ්ව විද්‍යාලය වට 2-0 ලෙස පරාජයට පත් කළ සබරගමුව විශ්ව විද්‍යාලය කණ්ඩායම කාන්තා අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීය. කොළඹ විශ්ව විද්‍යාලය සහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර පැවති තරඟය වට 2-0 ලෙස ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයද , කැලණිය විශ්ව විද්‍යාලය සහා රජරට විශ්ව විද්‍යාලය අතර තරඟය වට 2-0 ලෙස කැලණිය විශ්ව විද්‍යාලයද , කාන්තා අර්ධ අවසන් පූර්ව වටයට අදාළ අවසන් තරඟයේදී තරඟ වැදුණු මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම වට 2-0 ලෙස පරාජයට පත් කල රුහුණු විශ්ව විද්‍යාලය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීය.

පිරිමි අර්ධ අවසන් පූර්ව වටය අවසානයේ පිරිමි වොලිබෝල් අවසන් පූර්ව වටය සඳහා රැහුණ, යාපනය, කැලණිය සහා සබරගමුව යන විශ්ව විද්‍යාල කණ්ඩායම් සුදුසුකම් ලැබූ අතර අවසන් පූර්ව වටයේ පලමු තරඟය ලෙස රුහුණ විශ්ව විද්‍යාලය සහා කැලණිය විශ්ව විද්‍යාලය තරඟ බිමට පිවිසි අතර කරට කර තරඟයකින් පසුව කැලණිය විශ්ව විද්‍යාලය වට 3-2 ලෙස පරාජයට පත් කළ රැහුණ විශ්ව විද්‍යාලය වොලිබෝල් පිරිමි අවසන් මහා තරඟයේ තම ස්ථානය තහවුරු කර ගන්නට සමත් විය. දෙවන අවසන් පූර්ව තරඟය ලෙස පැවති සබරගමුව විශ්ව විද්‍යාලය සහා යාපනය විශ්ව විද්‍යාලය අතර තරඟය වට 3-2 ලෙස සබරගමුව විශ්ව විද්‍යාලය ජයග්‍රහණය කරන්නට සමත් විය.

කාන්තා අවසන් පූර්ව වටයේ පලමු තරඟය ලෙස සබරගමුව සහා රුහුණ විශ්ව විද්‍යාලය අතර තරඟය වට 3-0 ලෙස විශිෂ්ට ජයක් ලබාගන්නට සබරගමුව විශ්ව විද්‍යාල කාන්තා වොලිබෝල් කණ්ඩායම සමත් විය. කාන්තා වොලිබෝල් අවසන් පූර්ව වටයේ දෙවන තරඟය ලෙස කැලණිය සහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර පැවති තරඟය වට 3-1 ලෙස ජය ගන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම සමත් විය.

ඒ අනුව SLUG 2023 පිරිමි වොලිබෝල් අවසන් මහා තරඟය සබරගමුව විශ්ව විද්‍යාලය කණ්ඩායම සහා රුහුණ විශ්ව විද්‍යාලය කණ්ඩායම අතර පැවැත්විණි. ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් තරඟය වට 3-0 ලෙස රුහුණු විශ්ව විද්‍යාලය පරාජයට පත් කල සබරගමුව විශ්ව විද්‍යාලය SLUG 2023 පිරිමි වොලිබෝල් ශුරතාවය තමන් සතු කරගන්නට සමත් විය.

සබරගමුව විශ්ව විද්‍යාලය සහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර පැවති කන්තා වොලිබෝල් අවසන් මහා තරඟය ද වැඩි වෙහෙසකින් තොරව ම සබරගමුව විශ්ව විද්‍යාලය වෙතම ගෙන යන්නට සබරගමුව විශ්ව විද්‍යාල කාන්තා වොලිබෝල් කණ්ඩායම සමත් වුයේ වට 3-0 ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පරාජයට පත් කරමිනි.

මේ අනුව මෙවර SLUG 2023 වොලිබෝල් කාන්තා සහා පිරිමි ශුරතා ද්විත්වයම සබරගමුව විශ්ව විද්‍යාලය හිමි කරගන්නට සමත් වෙද්දී පිරිමි වොලිබෝල් අනුශුරයන් ලෙස රුහුණ විශ්ව විද්‍යාලයත්, කාන්තා වොලිබෝල් අනුශුරතාව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයත් ලබා ගත් අතර කැලණිය විශ්ව විද්‍යාලය පිරිමි සහා කන්තා යන දෙයාංශයේම තුන්වන ස්ථානයට හිමිකම් කියන්නට සමත් විය.

අවසන් වශයෙන් පුරා දින හතරක් වයඹ විශ්ව විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාගාරය මූලික කර ගනිමින් පැවැත් වූ SLUG 2023 වොලිබෝල් ශුරතාවලිය මෙසේ නිමාව සනිටුහන් කරන්නට සමත් වූ අතර ජයග්‍රහණ හිමි කරගත් සියලු කණ්ඩායම් වෙනුවෙන් MoraSpirit අපගේ උණුසුම් සුබ පැතුම් මේ මොහොතේ එක් කරමු.


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments