ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස රුහුණේ දී ආරම්භ වෙයි

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස රුහුණේ දී ආරම්භ වෙයි

විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා අතර වර්ණවත්ම ඉසව්ව සහ විශ්ව විද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය විදහා දක්වන උසස් ම වේදිකාව වන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල රුහුණ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී 13 වන වරටත් අතිශය විචිත්‍රවත් ආකාරයට අද ඇරඹුණි. එළඹෙන දෙසතිය තුළ විශ්ව විද්‍යාල 14 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 ක් පමණ ක්‍රීඩා 22ක් සඳහා තරඟ වදින මෙම තරගාවලිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් නිල වශයෙන් සමාරම්භ වීම අද සිදුකෙරුණි.

විශ්ව විද්‍යාල ක්‍රීඩා ඉසව් අතර “ඔලිම්පික් උළෙල” ලෙස හඳුන්වනු ලබන SLUG ක්‍රීඩා ඉසව්ව,1980 දී හඳුන්වා දුන් අතර එතැන් සිට සෑම වසර තුනකට වරක් මෙය උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබේ. ආරම්භයේ දී ක්‍රීඩා 12 කින් පමණක් සමන්විත වූ මෙම තරඟාවලිය මේ වන විට පිරිමි හා කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර විවිධ ක්‍රීඩා ඉසව් 22 ක් දක්වා ව්‍යාප්ත වී තිබේ. මෙම වසරේ අගෝස්තු 26 සිට පෙබරවාරි 7 දක්වා වන SLUG ක්‍රීඩා ඉසව්වේ සත්කාරකත්වය රුහුණ විශ්ව විද්‍යාලය විසින් සිදුකරනු ලබයි. 

ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ සභාපති (SLUSA) මහාචාර්ය තිලක් පී.ඩී. ගමගේ, SLUSA මහලේකම් පාලිත වීරසිංහ සහ රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මෙම අවස්ථාවට සහභාගී විය.

ඔලිම්පික් පහන දැල්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තරඟාවලිය නිලවශයෙන් සමාරම්භ කරන ලදි. රුහුණ විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනෙකු දෙවිනුවර සිට රුහුණ විශ්ව විද්‍යාල භූමිය වෙත පහන රැගෙන ගිය අතර, පියුමි අහින්සා ජයමිණි සහ කලණ සචින්ත වික්‍රමරාච්චි එක්ව ඔලිම්පික් ලාම්පුව පහන දැල්වූයේ තරගාවලියට සුභදායි ආරම්භයක් ලබා දෙමිනි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා අනාගතය හැඩගැස්වීමේදී වැඩි වගකීමක් ඇති විශ්ව විද්‍යාල සිසුන් කෙරෙහි ක්‍රීඩාවේ ඇති වැදගත්කම පිළිබඳව සිය දේශනයේදී ජනාධිපතිතුමා අවධාරණය කළේය. SLUSA හි සභාපති තිලක් පී. ඩී. ගමගේ මහතා විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයෙකුගේ පෞරුෂය ගොඩනැගීම සහ මානසික, ශාරීරික හා සමාජීය අංශ සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩාවේ ඇති වැදගත්කම ප්‍රකාශ කළ අතර SLUG ක්‍රීඩා ඉසව්වෙහි හි එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ “කිසිදු ක්‍රීඩාවක නිරත නොවන සිසුන් ක්‍රීඩාවක් කිරීම සඳහා පෙළඹවීම” බව ගමගේ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

SLUG 2019 හි සමාරම්භක උත්සවය අවසන් වූයේ තරඟාවලියේ සැබෑ සාරය වන ක්‍රීඩාව නැමැති ජවය වේදිකාවට පිවිසීමට ඉඩ සලසමිනි. නෙට්බෝල්, පිහිනුම් තරඟ සහ ටයිකොන්ඩෝ යන ක්‍රීඩා ඉසව් හෙට දිනයේ දී ආරම්භ වන අතර තවත් ක්‍රීඩා රැසක් ඉදිරි දිනවල දී SLUG ක්‍රීඩා පිටියට එළඹීමට නියමිත ය. ඉදිරි සති දෙක තුළ ක්‍රීඩා ඉසව් 16 ක් රුහුණ විශ්ව විද්‍යාලයේ සහ ඒ අවට පරිශ්‍රයේදී පැවැත්වේ. ආරම්භක උළෙලට පෙර සති කිහිපය තුළ ක්‍රිකට්, ඔරු පැදීම, රග්බි, හොකී, ටෙනිස් සහ මලළ ක්‍රීඩා යන ක්‍රීඩා හය පැවැත්වූ අතර එම ඉසව් මේ වනවිට දැන් සාර්ථක ලෙස අවසන් වී ඇත.

SLUG 2019 ඉසව්ව තුළින් ඉදිරි සති කිහිපය තුළ විශ්ව විද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සැබෑ ආශාවන් සහ දක්ෂතාවයන් මනාව පෙන්වනු ඇති අතර එය ප්‍රේක්ෂකයින්ට සැබෑ උත්තේජනයක් වනු ඇති බවට සැකයක් නැත. SLUG 2019 හි සම්පූර්ණ ආවරණය අපි ඔබ වෙත ගෙන එන බැවින් තරඟාවලියේ නවතම ප්‍රතිඵල සහ විස්තර සමගින් ඉතා ඉක්මනින් යාවත්කාලීන වීම සඳහා MoraSpirit සමඟ සම්බන්ධ වන්න.




Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments