කැරම් ක්‍රීඩා වංශකථාව උඩු යටිකුරු කළ SLUG -2019

කැරම් ක්‍රීඩා වංශකථාව උඩු යටිකුරු කළ  SLUG -2019

විශ්ව විද්‍යාලීය කැරම් ක්‍රීඩා වංශකථාව උඩු යටිකුරු කළ මෙවර SLUG XIII කැරම් තරග ඉසව්වේ නිමාව සටහන් වුයේ,අන්තර් විශ්ව විද්‍යාලයීය කැරම් තරඟ ඉසව්ව තුළ වසර හයක් තිස්සේ අඛණ්ඩව පිරිමි කැරම් ශූරතාවය හිමි කරගත් මොරටුව විශ්ව විද්‍යාලයීය පිරිමි කැරම් කණ්ඩායමේ වාර්තාව,කැළණිය පිරිමි කැරම් කණ්ඩායම මගින් බිද දැමිමෙන් හා අන්තර් විශ්ව විද්‍යාලයීය කාන්තා කැරම් ඉසව්වේ 2017 හා 2018 වසර තුළ අඛන්ඩ ශුරතාවය ලබා සිටි කොළඹ කාන්තා කණ්ඩායමේහි ගෞරවය පේරාදෙණිය කාන්තා කණ්ඩායම විසින් සුනු විසුනු කර දැමිමෙන් අනතුරුවයි. 

දින දෙකක් පුරාවට රුහුණු විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පිඨයේ පැවති, කැරම් තරග ඉසව්ව විශ්ව විද්‍යාල 14 ක් කාණ්ඩ 4 (A,B,C,D) යටතේ යොමු කරන ලද අතර සමාරම්භයේ සිටම වඩාත් උණුසුම් මුහුණුවරක් ගත් එහි, තරග සංවිධානය කර තිබු ක්‍රීඩා ශාලාවේහි ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවිම ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ සේම නරඹන්නන්ගේ ද අපහසුතාවයට හේතු විම කනගාටුදායකය.

පිරිමි A කාණ්ඩයේ මුලික වටයේ තරග තුල දැඩි තරගකාරි මුහුණුවරක් පෙන්වමින් මොරටුව පිරිමි කණ්ඩායම එම කාණ්ඩයේ සාර්ථකත්වයට පත් වන ලද්දේ, තම බල පරාක්‍රමය සබරගමුව හා රජරට පිරිමි කණ්ඩායම් කෙරෙහි විහිදා පාමිනි.නමුත් සාර්ථකත්වයට කණකොකා හැඩලුවේ, අවසන් පුර්ව වටයේදි රුහුණු කණ්ඩායම සමග පැවති තරගයෙනි,නමුත් ඔවුන් මුලික වටයේ සිට අවසන් පුර්ව වටය දක්වා,අඛණ්ඩ තරගකාරිත්වයක් පෙන්විම අගය කල යුතුය.

 ප්‍රබල රුහුණු කණ්ඩායම සමග අවසන් පුර්ව වටයේ අවසානය දක්වා තරගයේ දිශානතිය අපගමනය කිරිමට මොරටු ක්‍රීඩකයන් කටයුතු කලද එය මල්ඵල ගන්වා ගැනිමට අසමත් විය.2018 අන්තර් විශ්ව විද්‍යාලයීය කැරම් තරඟ ඉසව්ව තුළ අනුශුරතාවය ලබා, මෙවර SLUG තරග බිමට පැමිණි කැළණිය පිරිමි කණ්ඩායම B කාණ්ඩය යටතේ වයඹ හා යාපනය කණ්ඩායම් සමග තරග බිමට පිවිසියේය.එහිදි වැඩි ගෞරව ලැබු ඔවුහු අර්ධ අවසන් පුර්ව වටයේදි,රජරට කණ්ඩායම සමග උරෙනුර ගැටි එහිදි පහසු ජයක් ලබා ගෙන අවසන් පුර්ව වටයේදි ,ජපුර කණ්ඩායම සමග ගැටුනු අතර එහිදි උද්වේගකර තරගකාරි ජයක් ලබාගෙන අවසන් වටයෙදි, ප්‍රබල රුහුණු පිල (04-01) පරයා ශුරතාවය ලබා ගත්තේ නොසිතු විරු පරිදිය.පිරිමි C කාණ්ඩයේ මුලික වටයේ තරග තුල ඌව වෙල්ලස්ස සහ කොළඹ පිරිමි ක්‍රිඩකයන් ප්‍රවේගකාරි ආරම්ඹයක් ලබා දුන්නද,අර්ධ අවසන් පුර්ව වට වලදි එය රැක ගැනිමට ඔහුහු අපෝසත් වුහ.

පිරිමි D කාණ්ඩයේ මුලික වටයේ තරග වල සිට සාර්ථක වු ප්‍රබල රුහුණු ක්‍රීඩකයන් අවසානය දක්වා එය රුක ගත් නමුත් ප්‍රබල් කැළණියට අබියොගයක් විමට එය ප්‍රමානවත් නොවිය. කාන්තා A කාණ්ඩයේ මුලික වටයේ තරග වලදි කොළඹ කාන්තා කණ්ඩායම සබරගමුව හා රුහුණු කාන්තා කණ්ඩායම් වලට එදිරිව ප්‍රබල ජයග්‍රහණ ලබා අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවද,අර්ධ අවසන් පුර්ව වටයේදි පේරාදෙණිය ක්‍රිඩිකාවන් හමුවේ දරුණු පරාජයක් ලැබිම කාගෙත් අවදානයට ලක් විය.

අන්තර් විශ්ව විද්‍යාලයීය කාන්තා කැරම් ඉසව්වේ 2017 හා 2018 වසර තුළ අඛන්ඩ අනුශුරතාවියන් වු ප්‍රබල මොරටු ක්‍රීඩිකාවන් B කාණ්ඩය යටතේ ඌවවෙල්ලස්ස හා කැළණි ක්‍රීඩිකාවන් සමග උරෙනුර ගැටෙමින් අර්ධ අවසන් පුර්ව වටයට පැමිණ,යාපන කණ්ඩායමට දරුණු පරාජයක් ඉතිරි කරමින් අවසන් පුර්ව වටයට පිවිසියද,වයඹ ක්‍රිඩිකාවන් හමුවේ, ඔවුන් ජයග්‍රහයක් ලැබිමට අසමත් විය.නමුත් අවසානය දක්වා ඔවුන්ගෙ ක්‍රීඩා විලාසය, ප්‍රබෝදාත්මකය.ආරම්බයේ සිටම C කාණ්ඩය යටතේ, උරෙනුර ගැටුණු ව‍යඹ හා පේරාදෙණිය ක්‍රිඩිකාවන්, අර්ධ අවසන් පුර්ව තරග වලදිද ප්‍රබල තරගයක් ඔවුනොවුන්ගේ ප්‍රතිවාදින්ට ලබාදිම කාගෙත් අවදානයට ලක් විය. අවසාන තරගයේදි ප්‍රබල තරග රටාවක් දෙපිලම දැක්වුව්ද,වයඹ කණ්ඩායමේ, තරග රටාවේහි සාර්ථකත්වය පේරාදෙණිය අභිබවා යන ලදි.

ඒ අනුව කාන්තා කැරම් ශුරතාවය වයඹ ක්‍රීඩිකාවන් විසින් දිනා ගන්නා ලදි.විශ්ව විද්‍යාලීය කැරම් ක්‍රීඩා වංශකථාව පෙරලියක් සිදු වෙමින් හපුගලදි, SLUG XIII කැරම් තරග ඉසව්වේ නිමාව සටහන් විය.

නිමාව වූ මහා කැරම් සංග්‍රාමයේ ශූරතා සහ අනුශූරතා හිමිකරගත් කාන්තා සහ පිරිමි කණ්ඩායම් වලට MoraSpirit අපගේ උණුසුම් සුභපැතුම්.


Article by:Ishara Sadaruwan


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments