ක්‍රීඩාවේ ජීව ගුණය සහ අවසන් මහා තරගය

ක්‍රීඩාවේ ජීව ගුණය සහ අවසන් මහා තරගය

තරගය දිනූ කොළඹ කණ්ඩායම හා අවසන් හොරාව තෙක් ක්‍රීඩා කළ​ කැළණි කණ්ඩායම අතර අවසන් මහා තරගයේ පසු විපරම...

කණ්ඩායම් දෙකම අවසන් මහා තරඟයට පිවිසියේ වසර ගණනාවකට පසුවය​. එම නිසා මෙම තරඟය බොහෝ සුවිශේෂී එකක් විය​.

39-00 ක් ලෙස අවසන් කළ කොළඹ​ කණ්ඩායම තම සුපුරුදු දක්ෂතා එළි දක්වද්දි සියල්ලන්ගේම ප්‍රශ්නාර්ථය වූයේ රග්බි දැවැන්තයන් වන මොරටු කණ්ඩායම පැරදූ කැළණි ක්‍රීඩකයන් මෙහෙදී ඒ රිද්මයට නාවේ මන්ද යන්නයි. බොහො කැළණි ක්‍රීඩකයන්ගේ අත් පටි වල තිබුණේ බොකා,ලියනේ සහ චකා යන නම් තුන​. MoraSpirit අපි ඒ පිළිබදව සොයා බැලීමක් කරනු ලැබුවා.

කැළණි කණ්ඩායම අවසන් තරගයක පහස විදින්නේ වසර 27 කට පසුවයි. ඔවුන් මෙම තරගයට පිවිසියේ ප්‍රබල ක්‍රීඩකයන් 3 දෙනෙකු නොමැතිවයි. එම ක්‍රීඩකයන් තුන්දෙනාම ඩෙංගු මාරයාගේ ගොදුරු බවට පත්වී ඒ සදහා ප්‍රතිකාර ලබමින් සිටින මොහොතකය.

කැළණි කණ්ඩායමේ උත්සාහක දිනුම් කිහිපයක සාඩම්බර හිමිකරුවෙක් වූ wing three පසු පෙල ක්‍රීඩක ලස්‍රිත ලියනසූරියට මෙම තරගය අහිමි වන්නේ නොසිතූ අවස්ථාවකදීය. තවද කැළණි කණ්ඩායමේ උප නායක ධූරය හොබවන අංක 8 ඉදිරි පෙළ ක්‍රීඩා කරන චමල් චන්ද්‍රසිරිද අවාසනාවන්ත ලෙස ඩෙංගු රෝගයෙන් රෝගාතුර වූයේ කැළණි කණ්ඩායමේ කොදුනාරටිය අඩපණ කරමිනි.තවත් ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වූ ඔසද ප්‍රේමචන්ද්‍රද රෝගාතුර වෙමින් අවසන් මහා තරගයේදි ඉදිරි පෙළ අලුත් සමාජිකයෙකුට භාරදෙනු ලබනවා.

කොළඹ කණ්ඩායම SLUG රග්බි තරගාවලියේ ලකුණු රැස් කරගනිමින් ලකුණු 8ක සාමන්‍යයක් තරග මාලාවේම පවත්වා ගනිමින් ස්ථාවර මුහුණුවරක තරග රිද්මය පවත්වා ගනිමින් අවසන් සටනට එළඹුණි. මුල සිටම උත්සාහක දිනුම් තබමින් කැළණි ආරක්‍ෂක පවුර බිඳ දැමීමට හැකි විය​. කැළණි ක්‍රීඩකයන් එහිදී දෙවරක් කහ කාඩ්පත ලැබී තිබියදිත් කොළඹ කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කරමින් සිටි අතර කොළඹ කණ්ඩායමත් වසර දහයක රග්බි කිරුලක පහස සොයමින් අති විශිෂ්ඨ තරගයක් කැළණි ක්‍රීඩකයන්ට ලබා දුණි.

රග්බි කියන්නෙ ඉතාමත් අපූරු ක්‍රීඩාවක්. කයෙන් ද මනසින් ද ශක්තිමත් වෙන්න ඕන ක්‍රීඩාවක්. කොළඹ කණ්ඩායම ප්‍රහාරාත්මක රිද්මයෙන් ක්‍රීඩා කළේ කුසලානයේ බලාපොරොත්තුවෙන්. පරාජය පෙනි පෙනී තිබුනත්, දැඩි දුෂ්කරතා මධ්‍යයේද විනිසුරු තුමාගේ අවසන් විසිල් හඩ තෙක් කැළණි කණ්ඩායම ක්‍රීඩා කලේ තම සගයන් තුන්දෙනා මේ දක්වා ගෙන ආ ගමන් මගට සාධාරණයක් කලයුතු නිසාවෙනි.

අපි සොයා බැලුව කණඩායම් දෙකේ පුහුණුකරු වගකීම දැරෑ මහත්වරුන් දෙස​. කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස වගකීම දැරුවේ මෙතෙක් ලක් දෙරණේ බිහි වූ විශිෂ්ඨතම සත් සාමාජික රග්බි ක්‍රීඩක සුදම් සම්පත් මහතා. මෙතුමාගේ මගපෙන්වීමෙන් කොළඹ කණ්ඩායම මුල සිටම ප්‍රහාරාත්මක ඉරියව්වෙන් තරඟ බිමට වැදී අනෙක් කණ්ඩායම් වලට දැඩි අභියෝගයක් ලබාදීමට හැකි විය​.

කැළණිය කණ්ඩායම මෙහෙයවීමෙ වගකීම දැරැවේ හැවලොක් ක්‍රීඩා සමාජයේ උමේශ් මදුශාන් සහ නිම්ශන් ජයවර්ධන තරුණයන් දෙදෙනාය​. තරුණ වුවත් තම වගකීම ඉෂ්ට කළ මෙම තරුණයන් දෙදෙනාගෙ මග පෙන්වීමෙන් කැළණිය විශ්ව විද්‍යාලය මේ වසරේදි සැලකිය යුතු දස්කම් පෑවේ අනෙක් කණ්ඩායම් අන්ද මන්ද කරමින්.

MoraSpirit වන අපි කොළඹ කණ්ඩායම ලබපු විශිෂ්ඨ ජයග්‍රහණයට සුභ පතමින් රෝගාතුර වු කැළණි සහෝදරයන් තිදෙනාට ඉක්මන් සුවය පතනවා. 



Comments