ජුඩෝ උපන් දේශයට යන ජාතික ජුඩෝ ශූරයා

ජුඩෝ උපන් දේශයට යන ජාතික ජුඩෝ ශූරයා

ක්‍රීඩා ලෝකයේ මෞලී මංගල්‍යය වන,ඔලිම්පික් ක්‍රීඩා උළෙලහි උන්මාදයෙන් ක්‍රීඩයන් වාගේම ප්‍රේක්ෂකයන්ද ඔද වැඩෙන මේ 2021 වසරේ සිසිර ඍතුව ,ශ්‍රි ලාංකියන් වන අපටත් ඉතා වැදගත් වගේම අභිමානයක් ගෙන දෙනුයේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2021 Tokyo ඔලිම්පික් උළෙට සහභාගි වීමට සුදුසුකම් ලත් බැවිනි.

මේ අතර ජාතික හා අන්තර්ජාතික වශයෙන් මහත් පැසසුමට බදුන් වු ජුඩෝ ජාතික ශූරයා චාමර රුවන් ධර්මවර්ධනයන් පිළිබඳ ක්‍රීඩා ලෝලී ඔබේ අවදානය යොමු කල යුතුමයි.

වසර 1992 වු මැයි මස 10 වන දින ඉපීද කන්ද උඩරට ගම්පොළ ප්‍රදේශය වාසභූමිය කරගත් ඔහු ධෙර්‍යමත් පුංචී පවුලක දෙවෙනියා ලෙසින් පවුලේ ආශිර්වාද මධ්‍යයේ ජුඩෝ ක්‍රීඩාවට මුල් අත්පොත් තබනුයේ ඔහු පහ ශ්‍රේණියේ අකුරු කරමින් සිටින කාලය තුලයි.

ගම්පොල ජීනරාජ විදයාලයෙන් ලබාගත් පන්නරයත් සමග අමල් රත්නායක ගුරු පියාණන්ගේ මග පෙන්වීම හමුවේ ජුඩෝ ක්‍රීඩාව ඔප් නංවා ගන්නා ලද ඔහු ගුවන් හමුදාවට එකතු වනුයේ තම ජුඩෝ හැකියා ඔප මට්ටම් කර ගනිමිනි.

ජුඩෝ ක්‍රීඩාවේ අහු මුල් වල සැරිසරා 73 kg බර පන්තිය යටතේ ජුඩො ක්‍රීඩාවේ මාර්ෂල් කලා ඔප් නංවමින්ද,හමුවු සියලු බාධා කරදර මැඩ ගනිමින්ද ජාතික ජුඩෝ තරගාවලි ශූරතාවය වසර පහක් ද, ජාතික මහා ක්‍රීඩා උළෙලහි පිට පිට අවුරුදු නවයක් ජාතික ශූරතාවය දිනාගනිමින්ද ඔහු සිය විභවය ජාතියට දායාද කළේය.

ඔහුගේ අන්තර්ජාතික ගර්වය ඇරඹෙනුයේ රජිව් ගාන්ධි කුසලාන තරගාවලියත් සමගිනි.එහිදී දක්ශතා කර පින්නා ගත් ඔහු,දකුණු ආසියානු ක්‍රීඩා උළලෙහි 2016 වසරේදී ජුඩෝ 73kg බර පන්තිය යටතේ රීදී පදක්කම ද, 2019 වසරේ එම ඉසව්වෙහිම රන් පදක්කමද දිනා ගනිමින් ශ්‍රිලංකා නාමය රනින් රිදීයෙන් සරසන ලදි.

දකුණු ආසියාව ජයගත් ඔහු සිය හැකියාව තව දුරටත් වර්ධනය කර ගනිමින් 2016 පැවතී Rio ඔලිම්පික් උළෙලට සහභාගිත්වයෙන් නවවන ස්ථානය ලබා ගන්නා ලදී.

මේකි නොකී ජයග්‍රහණ අතීක්‍රමණය කරගනිමින් ඔලිම්පික් පදක්කමකින් ලක්මව සැරසීමේ උතුම්.අරමුණින් යුතුව, ජාතික ඔලිම්පික් කමිටුවේ පුර්ණ අධීක්ෂණය යටතේ වැඩිදුර පුහුණු කටයුතු සදහා ස්ව්ලෝවැකියාව කරා ගොස් පසුගිය කාලයේ පුහුණුවීමි වල නිරත විය.මේ අතර තුර ඔහුගේ 2021 Tokyo ඔලිම්පික් ගමනය තහවුරු විය.

ස්ව්ලෝවැකියාවදී ලබාගත් හැකියා දක්ශතා වලින් වගේම ඔහු සතුව ඇති සහජ දක්ශතා ද අතලුවක් කර ගනිමින් මුලු මහත් ශ්‍රී ලාංකාවකගේ ආශිර්වාදයෙන් ,ජුඩෝ උපන් දේශයට ගොස් ලක් මව පදක්කමකින් සරසන්නට ඔහුට හැකිවේවායි ,MoraSpirit අපේ පැතුමයි!



Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments