වෙල්ලස්සත් සුදානම්!

වෙල්ලස්සත් සුදානම්!

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රිඩා උළෙල, SLUG-2019 සදහා දින වකවානු ලං වෙමින් යන මේ මොහොතේ MoraSprit අපි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සුදානම විමසා බැලීමට තිරණය කලෙමු. 

ඒ අනුව කඳු හෙල්වලින් වටවනු භූමියක පිහිටි සුන්දර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සොයා අපි පිය නැගුවෙමු.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ක්‍රිඩා සංගමයේ සභාපති තිලිණ බණ්ඩාර සොයුරා අපව සාදරයෙන් පිලිගෙන, අපගේ අරමුණ සාර්ථක කර ගැනිමට නොමද සහයෝගයක් දැක්වුයේ ය. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ SLUG සුදානම පිළිබඳ ඔහු දැක්වු අදහස් මේ ලෙස ගොනු කර දැක්විය හැකි ය. 


මුලින්ම තිලිණ බණ්ඩාර හදුනාගත්තොත්,

මම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය ජෙව සම්පත් තාක්ෂණ උපාධි පාඨමාලාව හදාරන අවසන් වසර සිසුවෙක්.

පාසල් හා පවුල් පසුබිම් ඔබගේ ක්‍රීඩා දිවිය කලඑළි කරන්න ඇති,

ඇත්තෙන්ම ඔව්, මොකද අම්මා, තාත්තා, සහෝදරයාගේ උපකාරය වගේම මැදිරිගිරිය ජාතික පාසලේ පැසි පන්දු, එල්ලේ, කණ්ඩායම් නියෝජනය කරම්න් ලබා ගත් පන්නරය මගේ ක්‍රිඩා දිවිය මල් ඵල ගැන්නුවා.

ඉන්පසු ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනට යොමු වෙනවා,එහිදි ඔබ විශ්වවිද්‍යාලයීය ක්‍රිඩාවේ පුරෝගාමියා බවට පත්වෙනවා, ඒ ගමන පොඩ්ඩක් මතක් කලොත්,

ඇත්තෙන්ම ඔවි, පළමු වසරේ සිට සිවිවන වසර දක්වා රගර්, එල්ලේ කණ්ඩායම් වලින් අන්තර් පීඨ, අන්තර් විශ්වවිද්‍යාල මට්ටමින් ලබා ගත් ජයග්‍රහණ වගේම විශ්වවිද්‍යාලයට පැසි පන්දු ක්‍රිඩාව හදුන්වා දෙමින් කලදේ මෙයට පාදක වන්න ඇති.

අපි කැමතියි, වෙල්ලස්සේ SLUG ජයග්‍රහණ ගැන කතා කරන්න,

SLUG ජයග්‍රහණ ගැන කතා කලොත්, 2016 වසරේ පැසි පන්දු කාන්තා කණ්ඩායම 3 වන ස්ථානය ලබා ගැනිමත්, අනෙකුත් කණ්ඩායම් අර්ධ අවසන් පුර්ව වට වලට ක්‍රිඩා කරමින් ලබා ගත් ජයග්‍රහණය වලින් සමස්ථ තරගාවලියේ 12 වන ස්ථානය ලබා ගැනිමට සමත් වුනා.

SLUG-2019, සුදානම ගැන කතාකරොත්,

පෙර පුහුණු තරගාවලි රාශියක් අතර තුර අපි යමි කිසි ස්ථානයකට පැමිණිලා කිව්වොත් මං නිවැරැදියි. මොකද පුහුණු තරගාවලි අතරතුර, ප්‍රබල කණ්ඩායම් වලට අභියෝගයක් වෙන්න අපට හැකි උනා, අපි හිතනවා, අපි හොඳ සුදානමකින් ඉන්නෙ කියලා.

අධ්‍යයන කටයුතු ක්‍රිඩා කටයුතු වලට බාධාවක්ද?

විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා 14 ක ගැටෙන අපි, අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් යටතේ, බොහෝ ගැටලුකාරි අවස්ථාවන්ට මුහුණ දෙනවා. නමුත් අප ක්‍රිඩාව හා අධ්‍යාපනය මනාව සමබර කර ගැනිමට වග බලා ගන්නවා.

SLUG-2019 දී ඔබලා අනෙක් කණ්ඩායම් වලට අභියෝගයක් ද?

ඇත්තෙන්ම ක්‍රීඩකයන් වශයෙන් අප අනෙක් අයට අභියෝගයක් වෙන්න ඔනි. කෙසේ නමුත් අඩු පහසුකම්, අඩු ශිෂ්‍ය සංඛ්‍යා හමුවේ වුවද අපි හොද තරගයක් දීමට බලාපොරොත්තු වෙනවා.

විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා ජයග්‍රහණ පිටුපස සැහෙන පිරිසක් ඇති, අපි ඒ ගැන කතා කරමු,

නොයෙකුත් ක්‍රිඩාවල ක්‍රිඩා නායකයින්ගේ සිට ආචාර්ය මණ්ඩලය, Physical Department ප්‍රධානියා දක්වා සෑම කෙනෙක්ම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි.

MoraSprit අපි SLUG -2019 ට පුඵල් මාධ්‍ය ආවරණයක් ලබා දෙනවා, ඒ පිලිබඳ ඔබේ අදහස දැන ගන්න කැමතියි,

මම පළමුවෙනී වසරේ සිට මුහුණ දුන් සෑම අන්තර් විශ්වවිද්‍යාලයීය මට්ටමේ තරගාවලියක් අවසන අප මුලින්ම බලන්නේ MoraSprit Page එක, මං හිතෙනවා ඔබලා, මෙවරත් SLUG එකට හොඳ සධාරණයක් ඉටු කරයි.

ක්‍රීඩකයෙකු වශයෙන් පාඨකයන්ට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද?

ප්‍රේක්ෂකයන් වශයෙන් ක්‍රිඩකයින්ගේ පරාජයේදී ඔවුන් සමග ඉන්න ඕනෙ, එමගින් ක්‍රීඩකයන් හොද තැනකට පැමිණෙවි.


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසිල් පරිසරයේ සුවය විදිමින්, කුරුළු කොබෙයියන් ගේ කිචිබිචිය මද්‍යයේ දිර්ඝ පිලිසදරකට එකතු වුනු ඔහු පැවසුවේ, අවුරුදු 12ක් වු ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය මාතාව බැබලවිමට ඔවුන් SLUG තරගබිමේ හොද උත්සාහයක යෙදෙන බවයි.

ඒ උතුම් පැතුමට MoraSprit අපේ සුභ පැතුම්.




Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments