මෙවර SLUG තරගබිමේ එල්ලේ ශූරතාවය කාටද?

මෙවර SLUG තරගබිමේ එල්ලේ ශූරතාවය කාටද?

සමාරම්භක උළෙලත් සමග තවත් උණුසුම් වු SLUG XIII-2019 තරගබිමේ එල්ලේ තරග සදහා දකුනු ලකේ මාතර පුරවරයේ උයන්වත්ත කෙලිබිම දින වකවානු නියම කරගෙන අවසන්ය. විශ්ව විද්‍යාලයීය එල්ලේ කණ්ඩායම් 14 ක් ඒ සදහා ලහි ලහියේ සැරෙසෙන මේ මොහොතේ එල්ලේ තරගබිමට පෙර විපරමකි මේ.

එල්ලේ ක්‍රීඩාවෙන් වීර විකුම් දස්කම් දක්වන්නට පසුගිය වසර වල තරගාවලි කිහිපයකදි විශ්ව විද්‍යාලයීය විද්‍යාර්තියන් හට හැකි විය.ඉන් ප්‍රදාන තරගාවලියක් වශයෙන් SLUG XII -2016 තරගබිම සැලකිය හැකිය.එහිදි වැඩි ජයග්‍රහණ ලබා ගනිමින් එල්ලේ ශූරතාවය කැළණිය සරසවිය හිමිකර ගනිද්දී සත්කාරක වයඹ සරසවිය අනුශූරතාවයෙන් සෑහිමට පත් විය.

ඉන් අනතුරුව අපේ අවදානය අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රිඩා උළෙල -2017 කරා යොමු කරමු.එහිදි රුහුණු විශ්ව විද්‍යාලය තම අභිමානය එල්ලේ ක්‍රීඩා ලෝලින් ඉදිරියේ තහවුරු කිරීමට සමත් විය. ඒ සමස්ත පිරිමි ශුරතාවය දිනා ගනිමිනි.

2018 වසරෙ අන්තර් ක්‍රිඩා උළෙලේදී,එල්ලේ තරග බිම උඩුයටිකුරු කරමින්,ප්‍රබල කැළණිය තෙවන තැනට ඇද දමා ජපුර හා රජරට පිලිවෙලින් පිරිමි කාණ්ඩයේ පලමු හා දෙවන තැනට පත් වීමට සමත් විය. නමුත් සුපුරුදු දක්ශතා දක්වමින් කැළණි කාන්තාවන් එම තරගාවලියේ එල්ලේ කාන්තා ශුරතාවය ලබා ගන්නා ලද්දේ, පේරාදෙණිය කණ්ඩායමට අනුශුරතාවය ලබා දෙමිනි.

අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රිඩා උළෙලට අමතරව කොලඹ, මොරටුව හා සබරගමුව විශ්ව විද්‍යාල විසින් ශුරතාවලි කිහිපයක් ගිය වසර තුළ පවත්වන ලදි. එම තරගාවලි තුලදි, දක්ශතා අතරට පැමිනිමට ජපුර, රජරට,කොළඹ විශ්ව විද්‍යාලය සමත් විය.

ඒ අතරින් කොළඹ විශ්ව විද්‍යාලය මගින් පවත්වන ලද, සම්පත් වලිමුනි අනුස්මරණ ශුරතාවලියේදි, සමස්ත පිරිමි ශුරතාවලිය සත්කාරක කොළඹ කණ්ඩායම දිනා ගනිද්දි අනුශුරතාවය පේරාදෙණිය පිළට හිමි විය.ඔවුන් විසින් එම දක්ශතා දක්වන ලද්දේ,එම තරගාවලියට සහභාගි වූ ප්‍රබල මොරටු,රුහුණු හා ජපුර කණ්ඩායම් සමග උරෙනුර ගැටෙමින් එම තරග වල ජයග්‍රහන තමන් සතු කර ගනිමිනි.

 තවද සබරගමුව සරසවිය මගින් පැවැත්වු බෙලිහුල්ඔය XVI තරගාවලියේදී සියලු කණ්ඩායම් පරයා රජරට හා ජපුර ක්‍රිඩකයින් පිලිවෙලින් ශුරතාවය සහ අනුශුරතාවය ලබා ගන්නා ලදි.එහිදි ප්‍රබල ජපුර හා රජරට අතර උද්වේගකර තරග විලාසය කාගෙත් නෙත් සිත් පැහැර ගැනීමට සමත් විය.

මොරටුව විශ්ව විද්‍යාලය මගින් පැවති MORA ELLE තරගාවලියේදී ප්‍රබල කණ්ඩායම් පරයා ජපුර පිළ ශුරතාවය තමන් සතු කර ගත්තේය. මෙහිදී කැපී පෙනෙන සුවිශේෂත්වය වනුයේ, යාපනය සරසවිය අනුශුරතාවය ලබා ගැනීමයි.

එල්ලේ ක්‍රීඩාවේ අවිනිශ්චිතබව මොනවට පැහැදිලි වී තිබෙන මේ මොහොතේ,මෙවර SLUG XIII- 2019 ,තරගබිමේ ප්‍රබල රජරට, ජපුර තම ජයග්‍රහණ රැක ගැනිමටත් ප්‍රබල කැළණිය තම ශුරතාවය දිගටම රැක ගැනිමටත් උත්සහා කරනු ඇත,තවද මොරා ,පේරා,රුහුණ හා යාපන කණ්ඩායම් ඇතුලු කණ්ඩායම් 11 ක් ඔවුන්ට අභියෝගයක්ද වනු ඇත.

කුමකින් කුමක් වේදැයි, සිතා ගත නොහැකි නමුත්, උයන්වත්ත කෙලිබිමේදි මේ මස 30 ,31 සහ සැප්: 1 ඉරණම විසදෙනු ඇත , මුලු මහත් එල්ලේ ප්‍රේක්ශක ප්‍රජාව ඒ වන තෙක් එල්ලේ ශුරතාවය කා සතු වෙදැයි යන පැනය සිතේ දරාගෙන ඇගිලි ගනිමින් සිටිනු ඇත.


සියලු කණ්ඩායම් සදහා MoraSpirit අපේ සුබ පැතුම්!


Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments