ආසියාවටම තර්ජනයක් වූ ලොව උසම දැල්පන්දු රැජිණ තර්ජිනී ශිවලිංගම්

ආසියාවටම තර්ජනයක් වූ ලොව උසම දැල්පන්දු රැජිණ තර්ජිනී ශිවලිංගම්

මෑතකදී අවසන් වූ ආසියානු නෙට්බෝල්තරඟාවලියේදී අපගේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ශූරියන් බවට පත්වීම කාගෙත් කතාබහට බදුන් විය. අද වන විට ශ්‍රී ලංකාව තුළ පමණක්ම නොව ලෝකය පුරා අවධානය හිමිකරගත් අඩිහයක් සහ අඟල් 10ක (6’10 ක) උසකින් යුත් තාර්ජිනි සිවලිංගම් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් පිටියට අමුත්තෙක්නොවේ.

2004 දී සිය නෙට්බෝල් දිවිය ආරම්භ කළ තාර්ජිනි, ස්වකීය මව්බිමට කීර්තිය ගෙන ඒමේ ඒකායන අරමුණින් යුතුව දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව සිය ක්‍රීඩා දිවියේ ඉහළටම කෙමෙන් කෙමෙන් පැමිණියා ය.ශ්‍රී ලංකාවේ ජාතික බාලිකා නෙට්බෝල් කණ්ඩායම වත්මන් ආසියානු ශූරයන් වන සිංගප්පූරුව 77-48 ලෙස පරාජයකරමින් ලෝකයේම අවදානය හිමිකර ගනිත්දී ආසියාවේ උසම නෙට්බෝල් ක්‍රීඩිකාව වන තාර්ජිනි සිවලිංගම් ජයග්‍රාහීතරඟයේ ලකුණු 77 න් 74 ක් රැස් කළාය.තවද ඇය තරඟයේ හොඳම වෙඩික්කරුවා බවට පත්වූයේ මුළු ලකුණු 380 ක් ලබා ගනිමිනි.එමෙන්ම ලෝක නෙට්බෝල් ශූරතා තරඟාවලියේදී දෙවන වටයේ දී යළිත් සිය හුරුපුරුදු සතුරන් වන සිංගප්පූරුවටඑරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේදී සිය අරමුණ කරා ළඟාවීනට සමත්විය. සිම්බාබ්වේ, උතුරු අයර්ලන්තයසහ ඕස්ට්‍රේලියාව වෙත ඔවුන්ගේ පළමු වටයේ තරග තුනම අහිමි වූ ශ්‍රී ලංකාව, ශූරතාවලියේ දෙවන අදියරේදී E කාණ්ඩයට වැටී ඇති අතර, කණ්ඩායම් අදියරෙන් සිංගප්පූරුව, සැමෝවා සහ ෆීජි යන අනෙකුත් පහළ කණ්ඩායම්ත්‍රිත්වයට මුහුණදීමට සිදුවිය.

තාර්ජිනි සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ වජවලන් මධ්‍යම විද්‍යාලයේය. 1994 සිට, තාර්ජිනි සහ ඇගේ පවුලේ අයතැනින් තැනට යමින් සිටියද සිය සිහින වලට යන ගමන අඩාල කටගැනීමට තර්ජිනී කිසිසේත්ම ඉඩ ලබාදුන්නේනැත. ඇය උසස් පෙළ හැදෑරූ අතර ඉන් අනතුරුව මඩකලපුවේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳඋපාධියක් හැදෑරීමට අදිටන් කර ගත්තාය. නමුත් 2004 දී වවුනියාවේ පැවති විවෘත නෙට්බෝල් තරගාවලියකට සහභාගි වන ඇයගේ ජීවිතය කෙමෙන් කෙමෙන් නෙට්බෝල් ක්‍රීඩාව විසින් අත්පත් කරගනු ලැබුවා. නෙට්බෝල් ක්‍රීඩාකිරීමට පටන් ගත් විට තර්ජිනීගේ දෙමාපියන් සහ පවුලේ අයට බියක් ඇතිවූයේ ඇයගේ අධ්‍යාපණ කටයුතු පිළිබඳවය. නමුත් ඔවුන් සියලුදෙනාගේම සහයෝගය මැද ඇය සාර්ථකව සිය අධ්‍යාපණ කටයුතු අවසන්කළාය.ඉන්පසු 2005 වර්ෂයේදී සෙලාන් බැංකුවේ රැකියාවක් ලබා ගත් ඇය විවිධ අභියෝග සහ බාධල මැද අදසිටින සංතෘප්තිදායක ගමනාන්තයට ළඟා වී ඇත.

සිවලිංගම්ගේ අසාමාන්‍ය උස ඇගේ ජීවිතයේ සෑම දෙයක්ම පාහේ වෙනස් අයුරින් ඇයට උරුම වීමට හේතු වූ අතරඇතැම් අවස්ථාවලදී මිනිසුන්ගේ විහිලුවට ලක් වීමට පවා එය හේතු වූ වග ඇය පවසන්නීය.නමුත් අදවන විට ඇයගේමෙම අසාමාන්‍ය උස ඇයට පෘථිවියේ උසම නෙට්බෝල් ක්‍රීඩකයා යන පදවිය ද ලබා ද ඇත.

“මට මගේ අධ්‍යයන කටයුතු දැඩි නෙට්බෝල් පුහුණුවීම් හා සෙලාන් බැංකුවේ රැකියාවන් සමඟ සම්බන්ධ කරගැනීමට සිදු විය” යනුවෙන් මේ කාර්‍යයන් තුනම කිරීමට සමත් වූ උපාධිය සාර්ථකව නිම කළ තාර්ජිනි පවසයි.

තවද නිහතමානීව ඇය පවසන්නේ ළමා කාලයේ කිසි විටෙකත් ජාත්‍යන්තර තාරකාවක් වීමේ සිහිනයක් නොතිබූබවයි.

“මට සැමවිටම අවශ්‍ය වූයේ දෙමළ භාෂාවෙන් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් වීමටයි” මේ ඇය තවමත් දකින සිහිනයයි.

ඇයගේ උස කොහෙන්දැයි ඇසූ විට ඇය සිනාසෙමින් පිළිතුරු දෙන්නේ “දෙවියන්” යනුවෙනි. මන්දයත් මෙය ඇයගේ පවුලේ උදවියගේ ජානමය හැකියාවකින් ලද්දක් නොවන බැවිනි.කෙසේවෙතත් සංතෘප්තිදායක වාසනාවන්ත ජීවිතයකට උරුමකම් කියන නෙට්බෝල් ක්‍රීඩිකාවක වශයෙන් තර්ජිනී සිය වර්තමානය පිළිබඳ ඉමහත් සතුටකින්පසුවෙයි.තමා තමා බවට පත් කිරීමට උදව් උපකාර කළ සෑම සියලු දෙනාටම කෘතගුණ දක්වන්නට ඇය අමතක නොකරන්නීය.

සෑම කටයුත්තකදීම පාහේ පිරිමින්ට ප්‍රමුඛත්වය දෙන නමුත් කාන්තාවන්ට ඕනෑම දෙයකට හැකියාවක් ඇති බව සියලුදෙනා වටහාගත යුතුයි.එබැවින් කාන්තාවන් අභියෝගය භාරගෙන ජීවිතයේ ඉදිරියට යාමට නොපසුබටවඋත්සාහ කළ යුතුය. මෙය තර්ජිනී සියලු කාන්තාවන්ට දෙන උපදේශයයි. ලිප ගිනි මොලවන දෑතින් ලොවක් දිනන්නට කාන්තාවන්ට තර්ජිනි තවත් ඉතා වැදගත් ආදර්ශයක් සපයා ඇතිවග අප සැම වටහාගත යුතුය. ඉතින්, ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාවට වඩ වඩාත් කීර්තියක් අත්පත් කරදීමට හැකියාව ලැබෙන්නට MoraSpirit අපි මුලු හදවතින්ම තර්ජිනී ශිවලිංගම් ක්‍රීඩිකාවට උණුසුම් සුභපැතුම් එක් කරමු.



Want to keep in touch with ongoing university sports news?
SUBSCRIBE
to our email newsletter now.

Comments