දැවැන්තයින් දෙදෙනෙක් | එක් කුසලානයක්
Featured

දැවැන්තයින් දෙදෙනෙක් | එක් කුසලානයක්

පුරා මාසයකට ආසන්න කාලයක් පැවති 2025 SLUG රග්බි තරඟාවලියේ උණුසුම දිවයින පුරා රග්බි ලෝලීන්ට දැනෙන මොහොතේ සියලු දෙනාගේ හදවත් තුළ ඇත්තේ එක් ප්‍රශ්නයකි. ඒ 2025 SLUG රග්බි කුසලානයේ හිමිකාරීත්වය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ද එසේත් නැති නම් කොළඹ විශ්වවිද්‍යාලට ද යන්නයි. එම පැනයට පිළිතුර රැගත් අවසන් මහා තරඟය වෙනුවෙන් සියල්ල සූදනම්ව ඇති මොහොතක තවත් ඉතිරිව ඇත්තේ අවසන් මහා තරඟයේ උත්කර්ෂය පමණි.