පලමු දිනයේ සබරගමුව විශ්ව විද්‍යාලය ලබා ගත් විශිෂ්ට ප්‍රවේශයට අභියෝගයක් එල්ල කරමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම දෙවන දිනයේ පළමු ඉසව් පහෙන්ම රන් පදක්කම් තම විශ්ව විද්‍යාලයට දිනා දීමට සමත් විය. සෑම ඉසව්වකදීම ශ්‍රී ජයවර්ධනපුර සහ සබරගමුව විශ්ව විද්‍යාල අතර කරට කර සටනක් දැකීම මෙම දිනයේ කැපී පෙනෙන විශේෂත්වයක් විය.
පිරිමි යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් නව වාර්තාවක්ද පිහිටුවමින් දිනයේ උණුසුම් ආරම්භයක් ලබා දීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ N.P.L.K පතිරණ සමත් වූ අතර ඔහුගේ දක්ශතාව වූයේ මීටර 13.27 කි.?එනම් දෙවන ස්ථානය ලබා ගත් ක්‍රීඩකයාට වඩා මීටර 2.94 ක පරතරයකි.
සබරගමුවට යළිත් හිස එසවීමට ඉඩ ලබා නොදුන් ජපුර ක්‍රීඩකයින් සේම ක්‍රීඩිකාවන්ද දිනයේ පළමු කාන්තා ඉසව්ව වූ තුම් පිම්ම ඉසව්වේදීද තම විශ්ව විද්‍යාලයේ නම රන් අකුරින් බැබලවීමට සමත් වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නෙත්මි මේඝවර්ණ මීටර 11.50 ක දක්ෂතාවක් දැක්වීමත් සමගිනි.
පිරිමි උස පැනීමේ ඉසව්වේදී අවසානය තෙක්ම ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සහ සබරගමුව විශ්ව විද්‍යාලය අතර කරට කර සටනක් පැවති අතර අවසානයේ?මීටර 2.14 ක නව තරඟ වාර්තාවක්ද සමඟින් රන් පදක්කම ඉදිරියේ තම විශ්ව විද්‍යාලයේ නම සනිටුවන් කිරීමට ජ’පුර ක්‍රීඩක S.A.T දසුන් සමත් විය.
මීළඟ ඉසව්වේද රන් පදක්කම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත යොමු වීම සුවිශේෂි වූ අතර එම පදක්කම ලබා ගැනීමට සමත් වූයේ මීටර 9.47 ක දක්ෂතාවක් පෙන්වූ චානුකා අතපත්තු ක්‍රීඩිකාවයි. ඒ කාන්තා යගුලිය විසි කිරීමේ ඉසව්වේදීය.
මීළඟ ඉසව්වේදීද පෙර පරිදි සුපුරුදු ලීලාවෙන් රනින් පමණක් නොව නව වාර්තාවක්ද සමඟින් තම විශ්ව විද්‍යාල මාතාව සැරසීමට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ L.C කුමාරසිරි සමත් වූයේ තුන් පිම්ම ඉසව්වෙන් මීටර 15.63 ක දක්ෂතාවක් දක්වමිනි.
පිට පිට රන් පදක්කම් රැසක් ජපුර අත්පත් කරගනිද්දි එම තත්වය වෙනස් කිරීමට සබරගමුව විශ්ව විද්‍යාලයේ P.G කුමාරි සමත් වූයේ කාන්තා කඩුලු මතින් දිවීමේ තරඟාවලියේදී තත්පර 15.92 ක දක්ෂතාවක් පෙන්වමින් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය ලබා ගනිමිනි.
සබරගමුව සරසවිය වෙත දෙවන රන් පදක්කම ගෙන ඒමේ කාර්‍ය භාර්‍ය සිදු කරනු ලැබුවේ රොෂාන් දම්මික වන අතර ඒ තමා සතු වූ වාර්තාවක්ම තත්පර 14.21 ක් ලෙස අලුත් කරමින් පිරිමි කඩුලු මතින් දිවීමේ ඉසව්වේදීය. මොහු විසින් පිරිමි උස පැනිමේ ඉසව්වේද රන් පදක්කම සඳහ කරට කර සටනක් ලබා දී එම ඉසව්වෙ රිදී පදක්කමද ලබා ගැනීම විශේෂත්වයකි.
ඉන්පසු පැවති සියලුම ධාවන ඉසව්වලදි වෙනත් කිසිදු විශ්ව විද්‍යාලයකට රන් පදක්කමක් ඉදිරියේ තම නම සනිටුහන් කිරීමට අවස්ථාව ලබා නොදෙමින් ජපුර සහ සබරේ ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඉතාමත් අක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන ලදි.
කාන්තා මීටර 400,කාන්තා මීටර 1500,පිරිමි මීටර 1500 යන ඉසව්වලින් පිලිවෙලින් හර්ශනි ප්‍රනාන්දු, W.H මධුමාලි සහ S. තර්ශාන් යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් තම සරසවිය වන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත රැගෙන යාමට සමත් විය.
W.G.I.L ජයතිස්ස, A.M.R ශිවන්තිකා, W.R.R විහර්ශ යන ක්‍රීඩික ක්‍රීඩිකාවෝ පිළිවෙලින් පිරිමි මීටර 400, කාන්තා මීටර 100 සහ පිරිමි මීටර 100 යන ඉසව්වලින් තම සරසවියේ නාමය වන සබරගමු විශ්ව විද්‍යාලයීය නාමය රන් පදක්කම් ඉදිරිපිට රැඳවීමට සමත් විය.
දිනයේ අවසන් ඉසව් ද්විත්වය වූ පිරිමි මීටර 400*4 සහය දිවීම සහ කාන්තා මීටර 400*4 සහය දිවීම ඉසව් වලද සුපුරුදු පරිදි පිලිවෙලින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාල නාමය සහ සබරගමුව විශ්ව විද්‍යාල නාමය සනිටුවන් වෙමින් මළල ක්‍රීඩා ඉසව්වන්හි නිමාව දකින ලදි.
පුරා දින දෙකක කරට කර සටනෙන් අනතුරුව මලල ක්‍රීඩා සමස්ථ ජයග්‍රහණය තමා සතු කරගැනීමට සබරගමුව විශ්ව විද්‍යාල කණ්ඩායම සමත් වූයේ සමස්ථ ලකුණු 261 ක් ලබා ගනිමිනි. එසේම ලකුණු 211 ක් ලබා ගනිමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අනුශූරතාවට හිමිකම් කියූ අතර කොළඹ විශ්ව විද්‍යාලය ලකුනු 56 ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට හිමිකම් කියන ලදි.
අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා ගැටුමේ මලල ක්‍රීඩා පිටිය දිනූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මෙන්ම තම සරසවිය වෙනුවන් මලල ක්‍රීඩා පිටියට පිවිසි සියළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා ජීවිතය සහ අධ්‍යාපන ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි MoraSpirit අපි සුබ පතන්නෙමු.
Comments